Cricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගත් ක්‍රීඩකයාට හිමිවන සම්මානය නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් හට හිමි වෙයි.!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගත් ක්‍රීඩකයාට හිමිවන සම්මානය සඳහා නවසීලන්ත ක්‍රීඩක ඩැරල් මිචෙල් නම් කර තිබෙනවා.

පසුගිය වසරේ නොවැම්බර් 10 වැනිදා අබුඩාබි හිදි එංගලන්තයට එරෙහිව පැවති තරගයේදී ඔහු සිදුකළ ක්‍රියාවක් වෙනුවෙන් මෙම සම්මානය දිනාගත් අතර එම තරගය නවසීලන්තය කඩුලු 5කින් ජයග්‍රහණය කරනු ලැබුවා.

එංගලන්තයට එරෙහිව පැවති විස්සයි-20 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේදී පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ්ගේ මාර්ගයට ”අවහිර කළ” බව හැඟුණු බැවින් පහසුවෙන් ලබාගැනීමට තිබූ ලකුණක් කරා දිවයෑම ප්‍රතික්‍ෂේප කිරීම ඔහුගේ අවධානය දිනාගත් එම ක්‍රියාවයි.

ඩැනියෙල් විටෝරි, බ්‍රෙන්ඩන් මැකලම් සහ කේන් විලියම්සන්ගේ අඩිපාරේ යමින් මිචෙල් මෙම සම්මානය දිනූ සිව්වැනි නවසීලන්ත ක්‍රීඩකයා වේ.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගත් ක්‍රීඩකයාට හිමිවන සම්මානය ලැබීම ගෞරවයක්. නවසීලන්ත ජාතිකයන් ලෙස අපි ආඩම්බර වන දෙයක් ඒක. අපි ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය රඳවා ගත් කණ්ඩායමක්” යැයි මිචෙල් පැවසීය.

එංගලන්ත ක්‍රීඩක ආදිල් රෂීඩ් යැවූ 18 වැනි ඕවරයේ පළමු පන්දුවේදී මෙම සිදුවීම සිදු විය. ජේම්ස් නීෂම් එම පහර එල්ල කර තිබූ අතර ලකුණු සංඛ්‍යාව 133 කට කඩුලු 4 ක් ලෙස සටහන් විය.

නමුත් පන්දුවට පහර දෙන්නාට ප්‍රතිවිරුද්ධ අන්තයේ සිටි මිචෙල්, ලකුණක් කරා යෑමට උත්සහ කිරීමේදී රෂීඩ්ට බාධා කළ බව පිළිගනිමින්, ලකුණු දිවීම ප්‍රතික්ෂේප කළේය.

පන්දු 47 කදී නොදැවී ලකුණු 72ක් රැස්කළ මිචෙල් ජයග්‍රාහී ලකුණුද වාර්තා කරමින් අමතක නොවන තරගයක් බවට එය පත්කර ගත්තේය.

එහි වීඩියෝ සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button