Cricket NewsEXCLUSIVE

කණ්ඩායමට අසීරුම මොහොතේ ධනංජය ද සිල්වාගේ පිත්තෙන් වීරත්වය මුසු වූ සටන්කාමී ශතකයත්.!

මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා සිය ටෙස්ට් දිවියේ 8 වැනි ශතකය වාර්තා කර ගැනීමට සමත් වුණා.

දඟ පන්දු යවන්නන් සහමුලින් අණසක පැතිර වූ මෙම තරගයේ ධනංජය එක් අන්තයකින් සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදෙමින් ශතකයක් රැස් කර ගනිද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙකුත් සියලු ක්‍රීඩකයින් රැස් කරගෙන තිබුණේ ලකුණු එකසිය 150කට ආසන්න සංඛ්‍යාවක්.

එහිදී පැතුම් නිස්සංක ලකුණු ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුනා.

ධනංජය ඔහුගේ ලකුණු 100 ලබා ගැනීම සඳහා පන්දු 187කට මුහුණ දුන් අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සමග හතරේ පහර 8ක් ඇතුලත් වුනා.

බටහිර ඉන්දීය කොදෙව් දඟ පන්දුව හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරයට පියමනිද්දී එක් අන්තයක සිය කඩුල්ල රැකගෙන ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනැගූ ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා දෙවෙනි ඉනිම ඔසවා තැබීමට මේ වන විටත් කටයුතු කරමින් සිටිනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button