Cricket NewsEXCLUSIVEInternational

MCG ක්‍රීඩාංගණයේ ශේන් වෝන් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් අනුස්මරණ උත්සවයක් – එයට සහබාගි වීම සඳහා ඩේවිඩ් වෝනර් IPL මග හරි.!

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරන ඩේවිඩ් වෝනර් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟ 5-6 සඳහා සහභාගි නොවන බව දැනුම් දී තිබෙනවා.

ඒ අප අතරින් සමුගත් ශේන් වෝන්ගේ අවමංගල කටයුතු නිසාවෙනි

පසුගිය දා තායිලන්තයේ සමූයි දූපතේදී සිය මිතුරන් සමග නිවාඩුවක් ගත කරන අතරතුරදී ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් සිය ජීවන ඉනිම නිමා කලේය. ඒ වන විට ඔහු 52 වැනි වියේ පසුවිය.

ඕස්ට්‍රේලියානු ධජයකින් ආවරණය තිබූ ඔහුගේ දේහය තායි පොලිස් අධිකරණ වෛද්‍ය ආයතනයේ ගිලන් රථයකට දමා ජාත්‍යන්තර ගුවන් තොටුපළකට ගෙන යන ලදී.

පුද්ගලික ජෙට් යානයක් වෝන්ගේ දේහය ඔහුගේ උපන් නගරය වන මෙල්බර්න් වෙත පියාසර කර පැය 10 කට පමණ පසු එසෙන්ඩන් ගුවන් තොටුපළට ගොඩ බැස තිබුණි.

ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ ඔහුගේ දේහය රාත්‍රී 8.30 ට පමණ පැමිණෙන විට පවුලේ සාමාජිකයන් ගුවන් තොටුපළේ සිටි බවයි.

පවුලේ අය පෞද්ගලික අවමංගල්‍යයක් පැවැත්වීමෙන් පසු, වෝන්ගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩා අවස්ථා බොහොමයක නිවහන වන මෙල්බර්න් ක්‍රිකට් පිටියේදී මාර්තු 30 වැනිදා වෝන් වෙනුවෙන් රාජ්‍ය අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සැලසුම් කර ඇති අතර වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පුරෝගාමීන් ඉකුත් බදාදා සමාජ මාධ්‍යවල පළ කළේ MCG ක්‍රීඩාංගණය තරම් ශේන් වෝන් හට සමුදීමට සුදුසු වෙනත් කිසිම තැනක නොමැති බවය.

MCG යනු 1994 දී පැවැති සුප්‍රසිද්ධ අළු බඳුන තරඟාවලියේ කඩුලු ත්‍රිත්වය ලබාගත් ක්‍රීඩාගණය වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට පෙර ඔහු 700 වැනි ටෙස්ට් කඩුල්ලද බිඳ හෙළුවේ එහිදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7