Cricket NewsEXCLUSIVELPL

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක් වීමත් සමග Colombo Stars නායකත්වය දිනේශ් චන්දිමාල් හට හිමිවන ලකුණු.!

ශ්‍රී ලංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි.

එළඹෙන දෙසැම්බර් මස 5 වනදා සිට කොළඹ සහ හම්බන්තොට ක්‍රීඩාංගන කේන්ද්‍ර කර ගනිමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.

මේ අතර සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වීමත් සමඟ ඔහුට සති 5- 6 ක කාලයක් විවේක ගැනීමට සිදුවන බවද වාර්තා වනවා.

LPL තරඟාවලිය ලබන 5 වැනිදා සිට ආරම්බ වන බැවින් Colombo Stars හි නායකත්වයෙහිද වෙනසක් වන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන අතර එසේ වුවහොත් නායක ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේශ් චන්දිමාල් හට පැවරීමට Colombo Stars හි කලමණාකාරීත්වය කටයුතු කරමින් සිටින බවත් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත් තරඟාවලිය අතර මැද ඇන්ජලෝ මැතිව්ස් නැවතත් Colombo Stars කණ්ඩායම හා එක් වීමේ ද සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button