Cricket NewsEXCLUSIVE

පළමු කඩුල්ල වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලකගෙන් සහ පැතුම් නිස්සංකගෙන් අනර්ඝ ශතක සබඳතාවයක්.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය අද (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක ශතක සබඳතාවයක් පැවැත්වීමට සමත් වුණා.

ආරම්භයේ පටන්ම විශිෂ්ට පිතිකරණයක් දියත් කළ ධනුෂ්ක ගුණතිලක පන්දු 53ක් තුළ ලකුණු 55 ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් වුණා.

පැතුම් නිස්සංක පන්දු 68කට මුහුණ දී ලකුණු 56ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.

ධනුෂ්ක ගුණතිලක අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට හසුවීම හේතුවෙන් මෙම අනර්ඝ ආරම්භක සබඳතාව බිඳ වැටුණු අතර පැතුම් නිස්සංක ද Ashton Agar විසින් යොමු කළ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අංක 3 පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් සහ අංක 5 පිතිකරු ලෙස චරිත් අසලංක පිටියට පිවිස සිටිනවා තරගය සජීවී ලකුණු පුවරුව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7