Cricket NewsEXCLUSIVE

“අරවින්ද ද සිල්වා පැත්තකට කරලා එදා 96 කණ්ඩායම එක්ක ගත්තොත් අද ඉන්නේ ඊට වඩා දක්ෂ කණ්ඩායමක්”-හිටපු නායක අර්ජුණ රණතුංග යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කියන කතාව !

ශ්‍රී ලංකාව පළමු වරට පහස විඳි එක්දින ලෝක කුසලාන ජයග්‍රහණයේ නියමුවා වූ අර්ජුණ රණතුංග සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රීඩකයින් පහත් නොකරන මෙන් ඉල්ලා සිටියා.

“මේ ආසියානු කුසලාන තරගාවලියේදී මම දැක්කා, එක එක පොස්ට් යනවා. මම නම් හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා, ක්‍රීඩකයන් අතින් වැරදි වෙන්න පුලූවන්. හැබැයි අපි ක්‍රීඩකයෝ පහත් කරගන්න නම් එපා. මේ රටේ තියෙන විශාලතම වස්තුවක්, මේ ක්‍රීඩකයෝ. අද මේ ඉන්න ක්‍රීඩා කණ්ඩායම, අරවින්ද ද සිල්වාව අයින් කරා නම්, 1996 ක්‍රීඩා කණ්ඩායමට වඩා දක්ෂ කණ්ඩායමක්. දක්ෂ දරුවො ඉන්නේ.”.

යනුවෙන් හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුණ රණතුංග ප්‍රකාශ කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button