Cricket NewsEXCLUSIVE

Facebook සහ Instagram භාවිතයට ධනුශ්ක ගුණතිලකට අවසර ලැබේ – ඕස්ට්‍රේලියානු අධිකරණයේ නවතම තීරණය.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ටින්ඩර් සමාජ මාධ්‍ය යෙදුම ඔස්‌සේ හමුවූ කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී සිටින ඔහුට ඇප කොන්දේසි වෙනස් කිරීමෙන් පසු යළි ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිත කිරීමට හැකි බව ඔස්ට්‍රේලියානු මාධ්‍ ඊයේ පෙරවරුවේ වාර්ථා කලේය.

ධනුශ්ක සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයේදී සිය ඇප වෙනස් කිරීමට ඉල්ලුම් කළ අතර එහිදී මෙම තීන්දුව ලැබී ඇති බව සඳහන් වේ.

ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ඔහුට ඇප ලැබුණු අතර එහිදී ටින්ඩර් සහ වෙනත් සමාජ මාධ්‍ය භාවිතා කිරීම මුලින්ම තහනම් වූ අතර ඇප කොන්දේසි පෙබරවාරි මාසයේදී වෙනස් කරන ලද අතර එමඟින් ඔහුට ෆේස්බුක් හා වට්ස්ඇප් භාවිතයට අවසර ලැබුණු අතර රාත්‍රියේ පිටතට යාමටද අවසර ඒ අතර විය.

ඔහුගේ ඇපයේ නවතම කොන්දේසි අනුව ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් භාවිතා කිරීමට ඔහුට ඉඩ සලසා දී තිබේ. වින්දිතයා යැයි කියනු ලබන කාන්තාවට සමාජ මාධ්‍ය හරහා හිරිහැර කරන බවත්, ඇයගේ ගිණුම් වසා දමන ලෙසත් අධිකරණයට මින් පෙර දන්වා තිබුණි.

ගුණතිලකගේ නඩුව සති තුනකට කල් තබා ඇති නිසා පැමිණිල්ලට වැඩිදුර තොරතුරු රැස්කර ගත හැකිය.

ගුණතිලක පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විස්සයි20 ලෝක කුසලාන කණ්ඩායම සමඟ ඕස්ට්‍රේලියාවට ගිය නමුත් ඔවුන්ගේ පළමු තරගයට පමණක් ක්‍රීඩා කළේ අබාධයක් හේතුවෙන් තරඟයෙන් ඉවත් වීම හේතුවෙනි.

තරඟාවලියෙන් ඉවත් වූ පසු කණ්ඩායමේ සෙසු පිරිස සමඟ ඔහු ගෙදර යාමට නියමිතව තිබූ ගුවන් යානයකට යාමට ටික වේලාවකට පෙර, ඔහු ඔක්තෝබර් 6 වන දින අලුයම සිඩ්නි හි හයට් රීජන්සි හෝටලයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

ගුණතිලකට පසුගිය වසරේ නත්තලට පෙර සිඩ්නි අභ්‍යන්තර බටහිර ප්‍රදේශයේ එක් නිදන කාමරයක් සහිත මහල් නිවාසයකට යාමට අවසර ලැබුණි.ගුණතිලක මීට පෙර සිය විදේශ ගමන් බලපත්‍රය භාර දුන් අතර ඇප ප්‍රතිපාදනයක් ලෙස කිසිදු ජාත්‍යන්තර පිටවීමේ ස්ථානයකට නොයන ලෙසට ඔහුට නියෝග කර ඇත.

ඔහුගේ ඇප සඳහා ‘මිතුරෙකුගේ මිතුරෙකු’ විසින් සපයන ලද ඩොලර් 150,000 ක ඇපයක් සහ ගුණතිලක විසින් සපයන ලද තවත් ඩොලර් 50,000 ක ඇපයක් මගින් සහාය විය. ගුණතිලකගේ නඩුව අප්‍රේල් 27 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button