Cricket NewsEXCLUSIVETrending Article

2007,2009,2011,2012 වසර වල අවසාන මොහොතේ මගහැරී ගිය රන් කුසලානය 2014දී හිමි කර ගත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය පරිජ්ජේදයට වසර 9යයි.!

2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ කිරුළ ලක් මාතාව හට අභිෂේක ගන්වා වසර නවයක කාලයක් ගත වී ඇත.

96න් පසු 2007,2009,2011,2012 වර්ෂ වල නැවතත් සිංහ නාමය ජාත්‍යන්තර ක්‍රිකට් ලෝක කුසලාන ලියවිල්ලේ රනින් අත්සන් කරන්නට ගිය ශ්‍රි ලංකාවට අවසාන මොහොතේ එය මගහැරී යන්නේ ඉතා අවාසනාවන්ත ලෙස ය.

එසේ වසර 18ක් පමණ ලෝක කුසලානයන් හතරක්ම ගෙවුණු මාරාන්තික අපලයෙන් මග හැර යද්දි අවසානයේ වසර ගණනක් පුරා බලා සිටි අපල කාලය දුරු වී නැවතත් සිකුරා ලබන්නේ ශ්‍රි ලාංකීය අභිමානය නැවතත් ලෝක ක්‍රිකට් පිටියේ තේජාන්විත කරමිනි.

දිනය 2014 වසරේ අප්‍රේල් 06 වනදා විය.එකී ලෝක කුසලානය ලක් මාතාවට ලබා දී එදා ලාංකීය ප්‍රේක්ෂක සැමටම අවුරුදු සරු වූයේ මෙකී ජයග්‍රහණයෙන් පිරී ගිය සිත් නිසාම ය.

මෙකී විජයග්‍රහණය කන්ඩායමේ තනි ක්‍රීඩකයෙකුගේ ප්‍රාතිහාර්යයක් නොව කන්ඩායමක් ලෙස එකිනෙකා සිදුකල කැපකිරීම් වල ඵලයකි.

කන්ඩායමේ ක්‍රීඩකයින්ගේ නම් එකිනෙක විස්තර නොකරාට නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් සිය නායකත්වය මාලිංග හට පවරා කන්ඩායමෙන් අවසාන මොහොතේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස බංකුවේ සිටීමේ සිට රංගන හේරත්ගේ විප්ලවයේ පටන් තිසරගේ අවසාන හයේ පහර දක්වා කන්ඩායමේ ක්‍රීඩකයින් එකා සේ රට දිනවීමට උනන්දුවෙන් කටයුතු කලේ ය.

එදින රාත්‍රියේ ඩකා නුවර සිංහ කොඩි මතින් සරසවන්නට එදා කන්ඩායමේ කතානායකයා වෙන්නේ කුමාර සංගක්කාර ය. මාලිංග කුලසේකරලාගේ අතිවිශිෂ්ඨ පන්දු යැවීම සේම තිසරගෙන් ලද සහයෝගය මෙන්ම ශ්‍රි ලංකා ඉනිමේ බර කරටගත් සංගක්කාරගේ අවසාන විස්සයි විස්ස ඉනිම ඔහු නිමා කරන්නේ සිය ජේෂ්ඨත්වය මෙන්ම සංගා මහේල යන පුරාවෘත්තයන් ද්විත්වයටම ගෞරවාන්විත සමු ගැනීමත් එසේ සටහන් කරමිනි.

කුමාර සංගක්කාර යනූ එවර තරගාවලියේ සිටි අසාර්ථක පිතිකරුවෙක් ය.තරගාවලිය පුරා අසාර්ථක වූ සංගා මෙම තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 14කට දැවී යද්දී එංගලන්ත තරගයේ ඔහුට රැස් කරන්නට පෙර දැවී යන්නේ ඉන් පසුව පැවති නවසීලන්ත තරගයේද සිය ඉනිම ලකුණු 4කට අවාසනාවන්ත ලෙස නිම කරන්නට සිදු වෙමිනි.අවසන් පූර්ව තරගයේදී කොදෙව්වන් සමගද අසාර්ථක වූ සංගා එක් ලකුණකට ඉනිම සීමා වෙන්නේ ලකුණු පිපාසයෙන් සංගා අවසාන තරගය කරා කැන්දන් යමිනි.

එසේ ලකුණු පිපාසයෙන් සිටි සංගා සාර්ථකව එක් අන්තයක සිට ශ්‍රි ලංකා ඉනිමේ නැංගුරම වන්නේ ජයග්‍රහණය තෙක් නොදැවී සටනේ නියලෙමිනි.

පන්දු 35ක් වටා ගෙතුනු සංගාගේ සාරවත් ඉනිම ඩකා පිටියේ ප්‍රේක්ෂක ඇස් සේම ලෝකවාසි සියලු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ඇස් උමතුවට පත් කරමින් අලංකාර හතරේ පහරවල් හයක් සහ රමණීය හයේ පහරකින් ලකුණු 52ක් නොදැවී ලබමින් වසර ගණනක් ලක් මාතාවට අහිමි වූ කුසලානය නැවත වරක් හිමිකර දෙමිනි.

තරගාවලියේ සිටි අසාර්ථක පිතිකරුවෙක් වුවද අවශ්‍යම මොහොතේ පිහිට වූ ඔහුගේ පිත්ත වන්දනාමාන කර යුතු ය.එකී උනන්දුව පිරුණු ඉනිම නොවන්නට නැවතත් පෙර සේම ලෝක කුසලානයක පහස අහිමි වෙනු ඇත.

කෙසේ හෝ කුසලානයන් හතරක අහිමි වීමෙන් හඩා වැලපුනු බිදුණු හිත් වල වේදනාව පිරී ඉතීරි යද්දි පපුවේ කෙලවරක කකියපු පරාජිත වෛරය සංගා එළෙස පිට කරන්නේ වසර ගණනක ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ රාජකීය දවස බවට එදා සොදුරු රාත්‍රිය තවත් මංගල රාත්‍රියක් බවට පත් කරමිනි.

කන්ඩායමේ සියල්ලන් සේම කුමාර සංගක්කාර නම් වටිනා වස්තුව නිසාවෙන් එදා 96දී අරවින්දගේ මතින් වැජඹුණා සේම මෙවර සංගාගේ මතින් වැජඹෙන්නේ අදටත් ඒ ප්‍රෞඩ ඉතිහාසය පමණක් ඉතිරි කරමිනි.

– Rishie Bro තැබූ සටහනක් ඇසුරිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7