Cricket NewsEXCLUSIVEFuture Stars

බාධක වචන වලට සීමා කරමින්, කැපවීමෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශකතාව දිග්විජය කරන්නට පෙරුම්පුරන “පුලින තරංග”

පුලින තරංග යනු මෑතකාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සොයාගත් වටිනා ක්‍රීඩකයෙකි.

2012 වසරේ ශ්‍රී ලංකා 19 පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන පුලින බොහෝ තරඟ නරඹන්නන් හට තමා කවුරුන්ද යන වග පසුගිය ලෝක කුසලාන තරඟාවලියට පෙර පැවති SLC ආරාධිත වර්ණ සංග්‍රාමයේදී මනාවට පෙන්වා දුන්නාය.

දක්ෂිණ ලංකාවේ අගනගරය වන ගාලු පුරවරයේ උපත ලබන පුලින තරංග තම ජීවිතය විශාල අභියෝග රැසක් මතින් පන්නරය කරගත් වීරයෙකි.

පුලිනට හරියටම අවුරුදු 11 ක් වෙනකොට ආව දරුණු සුනාමි කේදවාචකය පුලිනගෙන් ඔහුගේ අම්මව උදුරගන්නවා.

ඊට අවුරුදු 4 කට පස්සෙ අවුරුදු 15 දී තාත්තත් පුලිනට අහිමි වෙනවා.

අවුරුදු 15 ඉදන් ආච්චි අම්මා ගාව හැදෙන්නේ. ක්‍රිකට් ගහල හම්බෙන පොඩි මුදලත් ගෙදර වියදමට ආච්චි ට දෙන මේ තරුණයා, අමාරුවෙන් නැති බැරි කම් දරාගෙන දිගටම සෙල්ලම් කරපු පුලිනගෙ අධිෂ්ඨානය කැපවීම එක්ක 19න් පහල ජාතික කණ්ඩායම නියෝජනය කරමින් 2012 ලෝක කුසලානයට සහභාගී වෙනවා.

එතන ඉඳන් පුලින SSC, Tamil Union වගේ කැපීපෙනෙන පලමුපෙල කණ්ඩායම් වල ප්‍රභල පන්දුයවන්නෙක් බවට පත්වෙනවා.

පළමු පෙල විස්සයි විස්ස තරඟ තුල තමා සතු හැකියාව සීමිත පන්දුවාර තරඟ ආකෘතියට හැඩ ගැසීමේ හැකියාව මනාව පෙන්නුම් කරන පුලින ඉනිම් 36 කදී කඩුලු 44 ක් බිඳ හෙලනවා.

ඒ සියලුම දේවල් වල ප්‍රථපලයක් විදියට මීට මාස කිහිපයකට පෙර අවසන් වූ SLC ආරාධිත 20 20 ලීගයේ හොඳම සොයාගැනීම වෙලා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයටත් පුලින තේරෙනවා.

ඒ තමයි පුලින තරංග. ඔහු මේ වන විට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියේ Galle Gladiators කණ්ඩායම නියෝජනය කරන පුලින මේ වන විට තරඟ දෙකකට පමණක් සහබාගි වී කඩුලු 4ක් සමග වැඩිම කඩුලු ලාබින්ගේ ලයිස්තුවේ 6 වන ස්ථානයේ පසු වනවා.

පුලින කියන්නෙ තමන්ට තිබුණු හැම දේම නැති වෙද්දි කැපවීම අධිෂ්ඨානය එක්ක හැකියාව මත විශ්වාසය තියපු ක්‍රීඩකයෙක්.

අපි ඇත්තටම වීරයෝ හොයාගෙන මහ ඈත රටවල් වලට යන්න ඕනේ නැහැ. ඊට වඩා සෑහෙන වීරයො අපි අතරේම ඉන්නවා. පුලින තරංග කියන්නෙ ඒකට නියම උදාහරණයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7