Cricket NewsEXCLUSIVELegends Series

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් හි ස්වර්ණමය පරිජ්ජේදයට රැගෙන ගිය “ඩිල්ශාන් සහ තරංගගේ ගිණිකෙළි සැණකෙළිය”

මෙවර පැවැත්වෙන Legends League තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය World Giants කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට ඊයෙ Asian lines කණ්ඩායම සමත්වුණා.

මෙම ජයග්‍රහණයේ තිරය පිටුපස වීරයන් වූයේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් පුරාවෘත්ත ලෙස සැලකෙන ආරම්භක පිතිකරුවන් දෙපලක් වන තිලකරත්න ඩිල්ශාන් සහ උපුල් තරංගය.

ලකුණු 14ට Asia Lions කණ්ඩායමේ එක් කඩුල්ලක් බිඳවැටී දැඩි අසීරු තත්වයක පසු වූ අවස්ථාවේ පිටියේ එක්වූ උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන් Asian Lines කණ්ඩායමේ ජයග්‍රාහී අත්තිවාරම දැමීමට සමත් වූයේ ලකුණු 88 ක වේගවත් සබඳතාවයක් අවශ්‍යම මොහොතේ පිහිටුවමිනි.

සුපිරි පිතිකරනයක නිරතවූ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 32ක් තුළ වේගවත් ලකුණු 52ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 3ක් සමග හතරේ පහරවල් 2ක් ඇතුළත් වුනා.

ඊට නොදෙවෙනි පිතිකරණයක නිරත වූ උපුල් තරංග පන්දු 43 ක් තුළ වේගවත් ලකුණු 63 ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 2ක් සමග හතරේ පහරවල් 7ක් ඇතුළත් වුණා.

ආරම්භක පිතිකරණයේ වාර්තා පිට වාර්තා තබා ඇති උපුල් තරංග සහ තිලකරත්න ඩිල්ෂාන්ගේ මෙම ගිණිකෙළි ප්‍රහාරය මෙරට ක්‍රිකට් ලෝලීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය පරිච්ඡේදය නැවතත් මතක් කරන සිදුවීමක් වූවාට නම් සැකයක් නැහැ.

Asia Lions කණ්ඩායම සහභාගී වන මීලග තරගය ජනවාරි 24 වන දා ඉන්දියා මහරාජාස් කණ්ඩායමට එරෙහිවපවත්වීමට නියමිතය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7