Cricket NewsEXCLUSIVEIPL

ශ්‍රී ලංකා ක්‍රිඩකයන් රැසක් IPL සඳහා ලියාපදිංචි වෙයි – ඉන් පෙරමුණේ සිටින වනිදු හසරංගගේ මූලික වෙන්දේසි මුදල ලක්ශ 270ත් ඉක්මවයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ මින් පෙර කණ්ඩායම් 8ක් පමණක් ක්‍රිඩා කරන ලද IPL තරඟාවලියට මෙවර නව කණ්ඩායම් 2ක් ද එක් වී මුළු කණ්ඩායමේ සංඛ්‍යාව 10ක් වීම හේතුවෙනි.

මෙවර IPL 2022 ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු පසුගිය 20 වැනිදා අවසන් වු අතර IPL සංවිධායකයින් අද(22) නිවේදනය කරමින් ප්‍රකාශ කර සිටියේ IPL 2022 සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි.

එම ලියාපදිංචි වූ ක්‍රිඩකයන් අතරට ඉන්දීය ක්‍රීඩකයින් 896 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 318 දෙනෙකු ඇතුළත් වනවා.

වෙන්දේසිය සඳහාලියාපදිංචි වූ ක්‍රීඩකයින් අතරින් 270 දෙනෙකු ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන ඇති ක්‍රීඩකයින් වුවත්, විශේෂත්වය වන්නේ ඉන් ක්‍රිඩකයන් 903 දෙනෙකුම තවමත් ජාත්‍යන්තර වරම් ලබා නොසිටීමයි.

මෙවර IPL 2022 ක්‍රීඩක වෙන්දේසිය සදහා වැඩිම ක්‍රීඩකයින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ ඔස්ට්‍රේලියාවෙන් වන අතර ඕස්ට්‍රේලියාවෙන් පමණක් ක්‍රිඩකයන් 59 දෙනෙකු ලියාපදිංචි වී ඇත.

ඊට අමතරව දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් 48 දෙනෙකු ද, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් ක්‍රීඩකයින් 41 දෙනෙකු ද, ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 36 දෙනෙකු ද වෙන්දේසිය සදහා ලියාපදිංචි වී තිබෙන බව IPL සංවිධායකයන් විසින් නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා

ඉන්දීය රුපියල් කෝටි දෙකක ( ශ්‍රී ලංකා මුදලින් කෝටි 5ක් පමණ) මූලික වටිනාකමක් හිමිවන ක්‍රීඩක ලැයිස්තුවට ක්‍රීඩකයින් 49 දෙනෙකු ඇතුළත් වනවා.

මේ අතර අන්තර්ජාතික විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටියක(ශ්‍රී ලංකා මුදලින් කෝටි 2.7) මූලික වටිනාකමක් සහිත කාණ්ඩයට ලියාපදිංචි වී ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ලබන 12 හා 13 යන දිනවල බැංගලෝර් හී දී පැවැත්වීමට නියමිත අතර, සෑම කණ්ඩායමකටම උපරිම වශයෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සකස් කර ගැනීමේ හැකියාව පවතිනවා.

IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා එක් එක් රටවලින් ක්‍රීඩකයන් ලියාපදිංචි වී ඇත්තේ මෙලෙසයි.

Australia – 59,
South Africa – 48,
West Indies – 41,
Sri Lanka – 36,
England – 30,
New Zealand – 29,
Afghanistan – 20,
Nepal – 15,
USA – 14
Bangladesh – 9,
Namibia – 5,
Ireland – 3,
Oman – 3,
Zimbabwe – 2,
Bhutan – 1,
Netherlands – 1,
Scotland – 1,
UAE – 1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7