Cricket GossipEXCLUSIVE

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Ashton Agar නුවර පිහිටි සිය සීයාගේ නිවස සහ මහනුවර නගරය පුරා සැරිසරයි.!

මේ වන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ දීර්ඝ තරඟ සංචාරයකට එක්ව සිටින අතර දෙරට අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය හෙටින් ඇරඹීමට නියමිතයි.

⁣හෙට පැවැත්වෙන තරඟයට ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රිඩා කරන Ashton Agar ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩකයෙකි.

ඔහුගේ පියා ජෝන් අගාර් වන අතර ඔහු ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.ඈෂ්ටන් අගාර්ගේ මව ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති අතර ඇය සෝනියා හේවාවිස්ස නම් වෙයි.

සෝනියා හේවාවිස්ස පවසන්නේ තමන් ශ්‍රී ලංකාවෙන් බොහෝ කලකට පෙර පිටව ගියද තවමත් ශ්‍රී ලාංකේය චාරිත්‍රවලට මුල්තැන දෙන බවය.

1993 දී උපත ලද ඈෂ්ටන් අගාර් 2013 වසරේදී මුල්වරට ජාතික කණ්ඩායමට එක්විය.

2015 වසරේදී එක්දින වරම් හිමිකරගත් ඈෂ්ටන් අගාර් 2016 වසරේදී ඔස්ට්‍රේලියානු පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ ස්ථානය වෙන්කරගත්තේය.

හෙට තරඟය වෙනුවෙන් මේ වන විට මහ නුවර ප්‍රදේශයේ සිටින Ashton Agar අද දිනයේදි සිය සීයාගේ නිවස සහ නුවර නරගය පුරා සැරි සරා තිබෙනවා.

Ashton Agar පළ කල ජායාරූප කිහිපයක් පහතින්

01

02

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7