Cricket NewsEXCLUSIVE

දිමුත්ගේ සහ පැතුම්ගේ ඉවසිලිවන්ත පිතිකරණය ⁣පළමු දිනයේ වැඩි ගෞරවයක් ශ්‍රී ලංකාවට අත් කර දෙයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූවා.

උදෑසන පටන් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයට පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් අනතුරුව සවස 2.30ට පමණ කාසිය වාසිය උරගා බැලූ අතර අනතුරුව සවස 3 ට තරඟය ආරම්භ වූවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ගාලු තණතීරුවේ වාසියද ලබාගැනීමේ අරමුණෙනි.

ඒ අනුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිශ්ශංක ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි අතර සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 106ක ශතක සබඳතාවයක් පැවැත්වීමට පිතිකරුවන් දෙදෙනා සමත් වුණා.

අනතුරුව පිට පිටම ලබා ගන්නා 7වන අර්ධ ශතකයක් පේනමානයට පැමිණි දිමුත් කරුණාරත්න ලකුණු 42 කට දැවී ගියා.

අද දින ට තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 113 ක් රැස් කර ගෙන තිබෙන අතර තවමත් කඩුල්ලේ රැඳීසිටින ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 61ක් රැස්කරගෙන තිබෙනවා.
තරඟයේ සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි Oshada fernando ලකුණු 2ක් රැස් කර ගෙන තිබෙන අතර තරඟයේ වැඩි ගෞරවයක් අද දිනයේ දී ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7