Cricket NewsEXCLUSIVEInternational

අයේ නම් යන් නෑ කිව්ව හතුරුසිංහ, හදිසියේම බංගලාදේශය සමග මිතුරු වෙයි.

බංග්ලා­දේශ ප්‍රධාන පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහතා යළි කණ්ඩා­යම සමඟ එක්වන බව බංග්ලා­දේශ ක්‍රිකට් කළ­ම­නා­ක­රණ අංශයේ ප්‍රධානී ජලාල් යූනුස් මහතා මාධ්‍ය වෙත පවසා ඇත. ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තර­ගා­ව­ලිය අත­ර­තු­රදී නිවා­ඩු­වක් සඳහා ඔස්ට්‍රේ­ලි­යාව බලා පිටත්ව ගිය හතු­රු­සිංහ මහතා හෙට (21) පැමි­ණෙන බව යූනුස් මහතා සඳ­හන් කොට ඇත.

පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ මහතා නිවා­ඩු­වෙන් පසු බංග්ලා­දේ­ශ­යට නොපැ­මි­ණෙන බවට දින කිහි­ප­ය­කට පෙර කට­කතා පැතිර ගියද එම පුවත සත්‍ය­යක් නොවන බවට ක්‍රිකට් කළ­ම­නා­ක­රණ අංශයේ ප්‍රධා­නි­යාගේ අද­හස වී තිබේ.

සිම්බාබ්වේ සමඟ තරග පහ­කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය මැයි 3 වැනිදා චිත­ගොං­හිදී ආරම්භ වීමට නිය­මිත අතර, සිම්බාබ්වේ තර­ගා­ව­ලි­යට පෙර සියලු පුහු­ණු­ක­රු­වන් එක්වන බව සඳ­හන් කොට තිබේ. බංග්ලා­දේශ පිල අමෙ­රි­කාවේ පැවැ­ත්වෙන විස්සයි20 ලෝක කුස­ලා­න­යට හතු­රු­සිංහ යටතේ සහ­භා­ගි­වී­මට නිය­මි­තය.

කෙසේ වුවද හදි­සි­යේම කණ්ඩා­ය­මෙන් ඉවත්ව ඔස්ට්‍රේ­ලි­යාව බලා පිටත්ව ගිය පුහු­ණු­කරු චන්දික හතු­රු­සිංහ යළි බංග්ලා­දේශ කණ්ඩා­ය­මට එක්වීම සැක­ස­හිත බව එරට ක්‍රිකට් මණ්ඩ­ලයේ අධ්‍යක්ෂ කලීඩ් මහ්මුද් සුජාන් මහතා දින කිහි­ප­ය­කට පෙර පවසා තිබිණි.

අමෙ­රි­කානු ඩොලර් 25000ක් (ශ්‍රී ලංකා රුපි­යල් ලක්ෂ 75ක්) වැටු­පක් හා වර­ප්‍ර­සාද රැසක් ලබන ශ්‍රී ලංකා ජාතික පුහු­ණු­ක­රුට රැකි­යා­වෙන් ඉව­ත්වී­මට සිදු­වන බව ක්‍රිකට් අධ්‍ය­ක්ෂ­ව­රයා සඳ­හන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7