Cricket NewsEXCLUSIVEMatch Review

පූර්ණ තරඟාවලි ජයග්‍රහණයක් සමග ලෝක ශුරතාවලියේ ප්‍රථම ස්ථානය ආරක්ෂා කරගැනීමේ ජයග්‍රාහී බලාපොරොත්තු සමග සිංහයක් සටන් බිමට.!

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගය අද ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද උදැසන ආරම්භ වීමට නියමිතව පැවතියත් පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් තරඟාවලියේ දෙවන තරගයේ ප්‍රථම දිනය වන අද දිනයේ ප්‍රථම අර්ධය අත්හැර දැමීමට සිදු වූ අතර මේ වන විට එම අයහපත් කාලගුණ තත්වය පහව ගොස් තිබීම හේතුවෙන් තරඟය ආරම්භ කිරීම සඳහා සියල්ල සූදානම් වි පවතිනවා.

ඒ අනුව මිට සුළු මොහොතකට පෙර කාසියේ වාසිය ජයග්‍රහණය කරීමට ශ්‍රී ලංකා නායකයා සමත් වූ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

අද තරඟය පන්දු වාර 45කට සිමා වන අතර සවස 3ට තරඟය ආරම්භ වීමට නියමිතය.

මෙවරද සෝබර්ස් – තිසේරා කුසලානය ද කොදෙව්වන් තරඟවලි ජයග්‍රණයක් බවට පත් කරගැනීමට නොහැකිව ඇති අතර තරඟාවලිය ජය පරාජයකින් තොරව අවසන් කරගන්නට කොදෙව් ක්‍රීඩකයෝද අද තරඟයට පිවිසෙනු ඇත.

මාස 7ක විරාමයකින් අනතුරුව නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට විශිෂ්ඨ ජයක් සමඟින් පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වීම මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේදී හොඳ රිද්මයක් හා හොද මානසික මට්ටමකින් තරගාවලියට අවතීර්ණ වන්නට ලැබීම විශාල වාසි සහගත තත්වයකි.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ දී අගනා ලකුණු 147ක් රැස් කරගත් අතර ඉන් නොනැවතුනු ඔහු, දෙවන ඉනිමේ දීද ලකුණු 83ක් වාර්තා කරගත්තා. ඔහු මේ වර්ෂය තුළ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතර තුන්වැනි ස්ථානයේ සිටින්නේ තරග 6ක් පමණක් ක්‍රීඩා කරමින් වන අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 70කට වඩා වැඩි අගයක පවතිනවා.

ඔහු දැනට නොකඩවා ටෙස්ට් අර්ධ ශතක 6ක් වාර්තා කරගෙන තිබෙන අතර ඔහු මීළඟ තරගයේ පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් රැස් කරගතහොත් දැනට තිබෙන ලෝක වාර්තාව සම කිරීම සඳහා ඔහුට හැකියාව ලැබෙනවා.

අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන ඕෂද ප්‍රනාන්දු සහ කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් හැරෙන්නට අනෙක් සියලුම දෙනා පාහේ පිතිකරුවන් ලෙස යම් සාර්ථකත්වයක් ලබාගැනීමට සමත් වුනා.

කොදෙව් මුල්පෙළ පිතිකරුවන්ගෙන් Nkrumah Bonner හැරෙන්නට අනෙක් කිසිඳු පිතිකරුවෙකුට අර්ධ ශතකයකට එහා ගිය ඉනිමක් දියත් කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ. කඩුලු රකින දකුණත් පිතිකරු Da Silva පසුපෙළ පිතිකරුවෙකු ලෙස යම් සාර්ථකත්වයක් ලබාගත්තා. ඒ නිසාවෙන් දෙවන ටෙස්ට් තරගයේ දී නායක Kraigg Brathwaite, Shai Hope, Roston Chase සහ Jermaine Blackwood හට පිතිකරණයේ දී වැඩි වගකීමක් සහිතව ක්‍රීඩා කළ යුතු වෙනවා.

එමෙන්ම අදින් ආරම්භ වන දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 157 ත් වන ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනාගැනීමට ද හැකි වුවා.

පළමු ටෙස්ට් තරගයේ දී මෙන් මේ තරගයට ද විටින් විට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වීමට වැඩි ඉඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහජ් කරනවා. එසේම ගාලු තණතීරුවේ වාසිය පළමුව පන්දුවට පහරදෙන කණ්ඩායමට ලැබෙනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙනවා.

දෙවන තරගය සඳහා අපේක්ෂා කල හැකි කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (c), Jeremy Solozano/Shai Hope, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Rahkeem Cornwall, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Veerasammy Permaul.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7