Cricket NewsEXCLUSIVEIPL

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග RCB කණ්ඩායම සමග ඉන්දියාවේදී එක් වෙයි.!

පසුගියදා පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එදා මෙදා තුර ඉතිහාසයේ අලෙවි වූ ඉහළම වටිනාකමකට අලෙවි වූ, එවකට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ පසුවූ පන්දු යවන්නා වු වනිඳු හසරංග සිය කණ්ඩායම වන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග අද දිනයේ දී එක් වූවා.

සිය කණ්ඩායම සමග එක්වූ වනිදු හසරංග මේ වන විට නිරෝධාන කාලය ගත කිරීම සඳහා IPL ජෛව බුබුල ට ඇතුළත් කරනු ලැබුවා.

වනිදු හසරංග ව මිලදී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි දහයකටත් අධික මුදලකට වන අතර ඔහු මෙවර රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ විශේෂඥ දඟ පන්දු යවන්නා ලෙසට ක්‍රීඩා කිරීමට නියමිතයි.

අද උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගිය වනිදු හසරංග හ⁣ට දහවල් කාලයේදී ඉන්දියාව වෙත ද ළඟා වීමට ද හැකියාව ලැබී තිබුණා.

ඒ පිළිබඳව වනිදු හසරංග සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිනුමේ තැබූ සටහනක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button