Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 6 වැනි ස්ථානයට.!

නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අංක 6 ස්ථානයේ රැඳී සිටින දිමුත් ශ්‍රේණිගත කිරීම් 781ක් ලබා ගනිමින් සිටියි.

දිමුත් කරුණාරත්න මීට සති දෙකකට පෙර ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර එය මෙතෙක් දිමුත් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයයි.

නවතම ICC T20I පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ.

ඔහුට ශ්‍රේණිගත කිරීම් ලකුණු 654ක් ඇත.

වනිඳු හසරංග විස්සයි20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ රැඳී සිටියි. මීට සුළු මොහොතකට පෙර නිකුත් කරන ලද ICC නිල ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු T20i තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ අංක 10 ස්ථානයේ රැඳී සිටියි.

ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ICC T20i පන්දු යවන්නන් අතර 24 වැනි ස්ථානයේ රැඳී සිටියි.

ඔහුට ශ්‍රේණිගත කිරීම් ලකුණු 557ක් ඇත.

නවතම ICC ශ්‍රේණිගත කිරීම සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7