Cricket NewsEXCLUSIVEIPL

ලොව බිහි වූ විශිෂ්ටතම කඩුලු රකින පිතිකරුවා ලෙසින් සැලකෙන කුමාර් සංගක්කාර Rajasthan Royals නායකයාට කියා දුන් විශේෂ කඩුලු රකින උපක්‍රම.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය පසුගිය දා අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ වූවා.

මෙවර තරඟාවලිය නැවුම් මුහුණුවරක් ගෙන තිබෙන අතර කණ්ඩායම් 10ක් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් හි ශුරතාවය වෙනුවෙන් සටන් වදින අතර මේ වන විට සැම කණ්ඩායමක්ම සිය ප්‍රථම තරඟය ක්‍රිඩා කර අවසන්ව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ද 5 ⁣දෙනෙකු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය නියෝජනය කරනු ලබනවා.

එමෙන්ම මහේල ජයවර්ධන මහතා Mumbai Indians කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරන අතර කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් හි අධ්‍යක්ශක දූරය හොබවනු ලබනවා. එමෙන්ම ලසිත් මාලිංගද එහි වේග පන්දු පුහුණුකාර ධූරය හොබවනු ලබනවා.

මේ අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය සහ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන කුමාර් සංගක්කාර මහතා සිය කණ්ඩායමේ නායකයා සහ කඩුලු රකින පිතිකරුවා වන සංජු සැම්සන්ව පුහුණු කරන ආකාරය ඉන්දීය සමාජ මාධ්‍ය තුල වේගයෙන් සංසරණය වූ සිදු වීමක් බවට පත් වූවා.

කුමාර් සංගක්කාර සැලකෙන්නෙ ක්‍රිකට් ඉතිහාසහේ බිහි වූ විශිෂ්ටතම වමත් පිතිකරුවා සහ විශිෂ්ටතම කඩුලු රකින පිතිකරුවා ලෙසටයි.

කුමාර් සංගක්කාර Rajasthan Royals නායක සංජු සැම්සන්ට කඩුලු රකින ආකාරය පිළිබඳ ලබා දුන් පුහුණුව ඇතුලත් වීඩියොව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button