Cricket NewsEXCLUSIVEIPL

පිට පිටම දැවැන්ත හයේ පහරවල් සහ හතරේ පහර එල්ල කරමින් Dinesh Karthik පන්දු 8ක් තුළ රැස් කළ අධිවේගී ලකුණු 30.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 54වන තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කණ්ඩායමට ආරාධනා කර සිටියා

ඒ අනුව පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

එහිදී හිටපු නායක විරාට් කෝලි අද දිනයේ මුහුණ දුන් පළමු පන්දුවටම දැවී ගිය අතර Royal Challengers Bangalore වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ Faf du Plessis ලකුණු 73ක් රැස් කිරීමට සමත් වූ අතර තරඟයේ අවසන් භාගයේ පිටියට පිවිසි Dinesh Karthik පන්දු 8ක් තුල නොදැවී අධිවේගී ලකුණු 30ක් රැස් කිරීමට සමත් වුයේ දැවැන්ත හයේ පහර 4ක් සහ හටහ්රේ පහරක් එල්ල කරමිනි.

එහිදී Dinesh Karthik විසින් Fazalhaq Farooqi යොමු කල Royal Challengers Bangalore ඉනිමේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දු 4ට දැවැන්ත හයේ ප‍හර 3ක් සහ හතරේ පහරක් පිට පිටම එල්ල කිරීමට සමත් වුනා.

අවසන් පන්දුවාරයේ අවසන් පන්දු 4ට Dinesh Karthikගේ අධිවේගී පිතිකරණය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7