Cricket NewsEXCLUSIVEIPL

වනිඳු හසරංගගේ ගුග්ලි පන්දු ඉදිරියේ නම් දැරූ ප්‍රභල Sunrisers Hyderabad දණ නමයි – වනිඳු කඩුලු 5ක් බිඳ හෙලයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 54වන තරගය ලෙස Sunrisers Hyderabad කණ්ඩායම සහ වනිදු හසරංග ක්‍රීඩා කරන Royal Challengers Bangalore කණ්ඩායමත් අතර තරඟයෙන් Royal Challengers Bangalore කණ්ඩායමට ලකුණු 67ක දැවැන්ත ජයක් හිමි වුනා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Sunrisers Hyderabad නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කණ්ඩායමට ආරාධනා කර සිටියා

ඒ අනුව පිටියට පිවිසි Royal Challengers Bangalore පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 192ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 193ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Hyderabad පිතිකරුවන්ට එය පහසු ඉලක්කයක් බවට පත් වුයේ නැහැ. ඔවුන්ට අද තරඟය ලකුණු 67ක දැවැන්ත පරාජයක් හිමි වුනා.

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග අද දිනයේත් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් Sunrisers Hyderabad කණ්ඩායම අසරණ කිරීමට සමත් වුයේ එහි නම් දැරූ ප්‍රභල පිතිකරුවන් ඇතුළුව කඩුලු 5ක් දවා ගනිමිනි.

එහිදී වනිදුගේ ගොදුරු බවට පත් වුයේ Aiden Markram, Nicholas Pooran, Jagadeesha Suchith, Shashank Singh සහ Umran Malik යන පිතිකරුවන්ය.

පසුගිය තරඟ වලදීත් සටන්කාමී ඉනිම් දියත් කල Aiden Markramගේ සහ Nicholas Pooranගේ කඩුලු දවා ගැනීම තරඟයේ තීරණය උඩු යටිකුරු කිරීමට සමත් වුනා.

වනිඳුගේ සුපිරි පන්දු යැවීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7