Cricket NewsEXCLUSIVEIPL

බංගලාදේශ ක්‍රීඩක Mustafizur Rahman යොමු කල 17 වන පන්දුවාරයේ සියලු පන්දු හතරේ සිමාවෙන් එපිටට යොමු කල Dinesh Karthikගේ සුපිරි පිතිකරණය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 27වන තරගය ලෙස Royal Challengers Bangalore කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතර තරඟය ආරම්භ වුවා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Delhi Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Royal Challengers Bangalore කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Royal Challengers Bangalore කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා.

එහිදී විශේෂම කාරණය වුයේ Delhi Capitals වෙනුවෙන් 17 වන පන්දුවාරය යොමු කළ බංගලාදේශ වේගපන්දු ක්‍රීඩක Mustafizur Rahman දැඩි ප්‍රහාරයකට ලක් වීමයි. ඒ Dinesh Karthikගේ සුපිරි පිතිකරණය හේතුවෙනි.

Dinesh Karthik විසින් Mustafizur Rahman යොමු කල 17 වන පන්දුවාරයේ සියලු පන්දු හතරේ සීමාවට එපිටින් පතිත කිරීමට සමත් වුයේ එම පන්දුවාරය තුල පමණක් ලකුණු 28ක් උදුරා ගනිමිනි. එම පන්දුවාරය තුල පමණක් Dinesh Karthikගේ දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් එල්ල කිරිමට් අසමත් වුනා.

Mustafizur Rahman විසින් යොමු කල 17 වන පන්දුවාරයට Dinesh Karthik එල්ල කල සුපිරි ප්‍රහාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7