Cricket NewsEXCLUSIVEIPL

Mumbai Indians කණ්ඩායමට පිට පිටම 6වන පරාජයත් උරුම කරමින් දුෂ්මන්ත චමීර ප්‍රමුඛ Lucknow Super Giants ලකුණු 18කින් ජය ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 26වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 18ක ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Mumbai Indians ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 199ක දැවැන්ත ලකුණු පුවරුවක්ගොඩ නැගීමට සමත් වුණා.

Lucknow Super Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක KL Rahul පන්දු 60කදී ලකුණු 103ක් සමග මෙවර තරඟාවලියේ වාර්තා වූ දෙවන ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුලත් වුන.

Manish Pandey ලකුණු 38ක් රැස් කළ අතර Quinton de Kock ලකුණු 24ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Jaydev Unadkat කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 200ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 181ක් පමණයි

Mumbai Indians ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Suryakumar Yadav ලකුණු 37ක් රැස් කල අතර Dewald Brevis ලකුණු 31ක් රැස් කළා.

පන්දු යැවීමේදී Avesh Khan කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7