Cricket NewsEXCLUSIVEInternational

කුසල් හා පැතුම්ගේ ආබාධ හේතුවෙන් හිටපු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න යලිත් එක්දින සංචිතයට!

තව නොබෝ දිනකින් සිම්බාබ්වේ දේශයේදී ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබාගනීමේ තරඟාවලිය සඳහා පසුගියදා මූලික සංචිත‍යක් නම් කිරීමට ශ්‍රී ලංකා තෙරීම් කමිටුව තීරණය කරතිබුණි.එසේ නම් කරන ලද තිස්දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය සඳහා වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න නම් කර නොතිබුනි.

කෙසේ නමුත් අද උදෑසන වන විට විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ නවසීලන්ත සංචාරය අතර තුර ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරාගේ හා අයර්ලන්ත සකංචාරයටද ඇතුලත් නොවූ පැතුම් නිස්සංකගේ ආබාධයන් හේතුවෙන් මෙසේ දිමුත් කරුණාරත්න යලිත් එක්දින සංචිතයට නම් කර තිබෙන බවයි.

අවසන් වරට දිමුත් කරුණාරත්න එක්දින තරඟයකදී ශ්‍රී ලංකාව නියෝජනය කලේ 2020 වසරේදී වන අතර එවකට ජාතික කණ්ඩායමේ නායකත්වයද හෙබවූයේ ඔහු විසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
2
+1
8
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7