Cricket NewsEXCLUSIVE

“බාබර්ට මේවගේ පාරවල් වල ක්‍රීඩා කිරීමට අවශ්‍ය ඔහුගේ දත්ත සංඛ්‍යාලේඛන වැඩිදියුණු කර ගැනීමට පමණද ? – පකිස්තානු තණතීරු පිළිබඳව අදහස් දක්වමින් සයිමන් ඩූල්

මේ වන විට සංචාරක නවසීලන්තයත් පකිස්තානු කණ්ඩායමත් අතර පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.අවසන් මාසයක දෙකක පමණ කාලයක සිට සාම්ප්‍රදායික තරඟ රටාව තුල දීර්ඝ කාලයක් පකිස්තානු කණ්ඩායම ගත කරන නමුත් අවසන් ටෙස්ට් තරඟාවලි දෙකෙහිදීම පකිස්තානයට සත්කාරකත්වය හෙබවීමට අවස්ථාව ලැබුණු නමුත් එංගලන්තය හමුවේ තම මව්බිමේදීම ලද අවමන් සහගත පරාජයත්,නවසීලන්තය හමුවේ ද එසේ වීමත් පකිස්තානයට ඉතිරි කලේ විශාල පැනයකි.

අතිශය පැතලි වූත් පිතිකරුවන්ට අතිශය යෝග්‍ය වූත් තණතීරු තුල ටෙස්ට් තරඟයකට අවශ්‍ය තියුණු බව එකදු හෝ තරඟයක නොවූ අතර පිතිකරුවන් පහසුවෙන්ම ලකුණු අතරට පිවිසුණ නමුත් පකිස්තානයට සිදුවූයේ අවමන් සහගත පරාජයන් ගණනාවක පහස විඳීමටය.

මේත් සමඟින් අද තරඟය අතර තුර සජීවී විස්තර විචාරයට එක්ව සිටි සයිමන් ඩූල් පකිස්තානු තණතීරු වල ගුණාත්මක භාවය පිලිබඳව ප්‍රශ්න කර සිටියා.

“මෙම නියෝග පැමිණෙන්නේ කොහෙන්ද?ඒවා එන්නේ බාබාර්ගෙන්ද ? බාබර්ට මේවගේ පාරවල් වල ක්‍රීඩා කිරීමට අවශ්‍ය ඔහුගේ දත්ත සංඛ්‍යාලේඛන වැඩිදියුණු කර ගැනීමටද ?එහෙමත් නැත්තම් මේවා එන්නේ ඉහළ ඉඳන්ද?” යනුවෙන් සයිමන් ඩූල් එහිදී ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම තරඟය අතරතුර පිච් සයිඩ් ප්‍රදර්ශනයේදී ඔහු පැවසුවේ තරණතීරරු භාර කාර්‍ය මණ්ඩලයට ඔවුන්ගේ කාර්යය නිසි ලෙස කිරීමට ඉඩ දිය යුතු බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7