Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් ඉතිහාසය තුළ ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව වැඩිම ලකුණු රැස්කල පිතිකරුවා බවට දසුන් ශානක පත්වෙයි.!

අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ඉන්දීය ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියට සත්කාරකත්වය ඉන්දීය පිල ලබාදෙනවා. තරඟාවලිය ඇරඹී තරඟ දෙකක් ගත වෙත්ම ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමස්ත තරඟාවලියේම ආධිපත්‍ය විහිදුවා අවසන්.

අවසන් වසරද අතිශය සාර්ථක වසරක් බවට පත්කරගත් ශ්‍රී ලංකා නායක දසුන් මේ වසරත් ඉන්දීය කණ්ඩායමට එරෙහිව සාර්ථකව අරඹන්නට වග බලාගත්තා.ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ ගණනක් ක්‍රීඩා කල ක්‍රීඩකයා වන්නට අද දසුන් ශානක සමත් වූයේ හිටපු නායක ලසිත් මාලිංග හා සමවෙමින්.

වාර්ථා පොත් අලුත් කල තරඟයක් අද පූනේ හිදී ක්‍රියාත්මක වද්දී දසුන් ශානකගේ පිත්තෙන් පන්දු 22 කදී ලකුණු 56 ක් වාර්ථා වූ අතර එම ඉනිම හයේ පහර 6 කින් හා හතරේ පහර දෙකකින් වර්ණවත් වූවා.

ඒත් සමඟින් ඉන්දියාවට එරෙහිව පිටපිට අවස්ථා 5 කදී ලකුණු 30සීමාව ඉක්මවා රැස් කරගන්නට නායක දසුන් සමත් වූ අතර ඉන්දීය කණ්ඩායමට එරෙහිව අවසන් විස්සයි විස්ස ඉනිම් පහ තුලදී දසුන් හයේ පහර 17 ක් හා හතරේ පහර 20 ක් එල්ල කර තිබේ.

මේ දක්වා ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේදී වැඩිම ලකුණු ගණනනක් රැස් කල පිතිකරුවා බවටද අද ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වූවා.ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්වින්ටන් ඩිකොක් අභිබවා යමිනි.මේ දක්වා ඉන්දියාවේදී දසුන් ඉන්දියාවට එරෙහිව ලකුණු 320ක් රැස් කරගෙන තිබේ.එයට අර්ධ ශතක දෙකක්ද ඇතුලත් වන අතර අවසන් තරඟ 5 දී ශානකගේ සාමාන්‍ය සටහන් වන්නේ 255 ක් ලෙසටයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button