Cricket NewsEXCLUSIVEILT20Match Review

දසුන් ශානකගේ සහ Sikandar Razaගේ සුපිරි ශතක සබඳතාව හේතුවෙන් Dubai Capitals කණ්ඩායම ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වූ MI Emirates සමග තරඟය කඩුලු 7කින් ජය ගනී.!

ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) තරඟාවලියේ 29වන තරඟය ලෙස Dubai Capitals කණ්ඩායම සහ MI Emirates කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරගනිමින් තව දුරටත් තරඟාවලියේ රැඳී සිටීමට Dubai Capitals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Dubai Capitals නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දුන් Dubai Capitals කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත් වුණා.

Dubai Capitals වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Nicholas Pooran පන්දු 31කදී ලකුණු 43ක් වාර්තා කිරීමට සමත් වුනා. Muhammad Waseem ලකුණු 31ක් රැස් කළ අතර Dan Mousley ලකුණු 31ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Jake Ball කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 165ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Dubai Capitals පිතිකරුවන් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 166ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Dubai Capitals ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක පන්දු 36ක් තුල වෙගවත් ලකුණු 58ක් රැස් කල අතර Sikandar Raza ලකුණු 56ක් රැස් කළා. ඔවුන් දෙදෙනා විසින් නොබිඳුණු ලකුණු 122ක සබඳතාවයක් පවත්වමින් Dubai Capitals කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන යනු ලැබුවා.

තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7