Cricket NewsEXCLUSIVESA20

නායක Faf du Plessisගේ ගිණිකෙලි සැණකෙලියත්, මහිෂ් තීක්ෂණගේ සුපිරි පන්දු යැවීමත් සමගින් Sunrisers පරාජය කරමින් Joburg Super Kings ලකුණු 24ක විශිෂ්ට ජයක් ලබයි.!

දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් පළමු වරට පැවැත්වෙන SA20 ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වන විට දැඩි තරඟකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. මේ වන විට තරඟාවලියේ මුලික අදියරේ අවසන් තරඟ කිහිපය පැවැත්වෙන අතර තරඟාවලි⁣යේ 27 වන තරඟය ලෙස Joburg Super Kings කණ්ඩායම සහ Sunrisers Eastern Cape කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට මහිෂ් තීක්ෂණ ක්‍රිඩා කරන Joburg Super Kings කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Joburg Super Kings ප්‍රථමයෙන් පන්දුවටපහර දීමට තිරනය කල අතර එ අනුව පන්දුවට පහර දුන් Joburg Super Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 160ක් රැස් කිරීමට සමත් වුණා.

Joburg Super Kings වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Faf du Plessis පන්දු 61කදීවේගවත් ලකුණු 92ක් වාර්තා කිරීමට සමත් වුනා.

Reeza Hendricks ලකුණු 40ක් රැස් කළ අතර Matthew Wade ලකුණු 7ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Aiden Markram සහ Sisanda Magala කඩුලු දෙක බැගින් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 161ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Sunrisers Eastern Cape පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රස කර ගැනීමට හැකි වුයේ ලකුණු 136ක් පමණයි

Sunrisers Eastern Cape ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Temba Bavuma පන්දු 34ක් තුල වෙගවත් ලකුණු 50ක් රැස් කල අතර Aiden Markram ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේදී Kyle Simmonds කඩුලු 3ක් සහ මහිෂ් තික්ෂ කඩුලු දෙකක් බිඳ හෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7