Cricket NewsEXCLUSIVE

“මෙවැනි තීරණාත්මක තරඟාවලියකදී කිසිදු ප්‍රතිවාදියෙකු සැහැල්ලුවට නොගත යුතුයි”-දසුන් ශානක

අද ආරම්භ වූ ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයට හෙට සහභාගී වීමට නියමිතයි.කෙසේ නමුත් තරඟාවලිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කරේ තම කණ්ඩායම හොඳ ආත්ම විශ්වාසයකින් පසුවන බවයි.

“සුදුසුකම් වටයේ හොඳින් ක්‍රීඩා කිරීමට අපට දැඩි විශ්වාසයක් තියනවා.අපගේ පිරිමි ළමයින් තරඟ තත්වයන්ට ගෙන ඒම සඳහා පුහුණුවීම් තරඟ දෙක භාවිතා කළ අතර කණ්ඩායම ඉදිරි තරඟ දෙස බලා සිටිනවා.”

දසුන් එහිදී මාධ්‍ය වෙත කියා සිටි අතර ඔවුන් මෙවර තරඟාවලියේදී කිසිදු කණ්ඩායමක් අවතක්සේරු නොකරන බවත් කියා සිටියේය.

“මෙම තරඟාවලියට සහභාගී වන සෑම කණ්ඩායමක්ම ජයග්‍රහණය ඉලක්ක කර ගනිමින් සහභාගී වෙනවා කියලා අපි දන්නවා.එයින් අදහස් කරන්නේ විශේෂයෙන් මෙවැනි තීරණාත්මක තරඟාවලියකදී කිසිදු ප්‍රතිවාදියෙකු සැහැල්ලුවට නොගත යුතුයි.අපි ඒ ගැන හොඳින් සැලකිලිමත් වෙනවා.”

යනුවෙන් තවදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය වෙත ප්‍රකාශ කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button