Cricket NewsEXCLUSIVELegends StoryOn This Day

සචින්ගේ උපන්දිනය දා සචින් හා ලාරා වෙනුවෙන් නම් කෙරුණු SCG ක්‍රීඩක පිවිසුම !

ජගත් ක්රිකට් පිටියේ වැඩිම සංඛ්යාවක් රැස් කල ක්රීඩකයා වන්නේ සචින් තෙන්ඩුල්කාර්.ශතක සියයේ කඩයිම ස්පර්ශ කල පළමු හා එකම පිතිකරුවාද වන්නේ ඔහුයි.හිටපු ඉන්දීය ක්රීඩක තෙන්ඩුල්කාර් අද සිය 50 වැනි උපන්දිනය සමරනවා.

ඔහුගේ උපන්දිනය දා ඔහු විසින් ක්රිකට් පිටියේ සුවිශේෂී කඩයිම් කිහිපයක් පසු කල සිඩ්නි ක්රීඩා පිටියේ ක්රීඩක ප්රවේශය ඔහු වෙනුවෙන් අද නම් කර තිබුණා.

එමෙන්ම ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ බිහිවූ හොඳම පෞද්ලික ඉනිමේ හිමිකරුවා වන කොදෙව් ක්රීඩක බ්රයන් ලාරාගේ නමද එම ක්රීඩක ප්රවේශ දොරටුවේ සඳහන් ව තිබීම විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනාට කෙරෙන ගෞරවයක් වශයෙන් SCG ක්රීඩක පිවිසුම Brian Lara – Sachin Tendulkar Gate ලෙස නම් කොට තිබෙන බව සඳහන්.

සචින් SCG පිටියේදී තරඟ 5 ක් තුලදී ලකුණු 785 ක් රැස් කොට තිබෙන අතර ලාරා තරඟ 4 කදී ලකුණු 384 ක් රැස් කරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
1
+1
6
+1
1
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7