Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව සමග තරඟාවලිය සාර්ථකව අවසන් කර, 24 වසරකට පසුව පකිස්ථානය බලා යෑමට ඔස්ට්‍රේලියාව සුදානම් වෙයි.!

වසර 24කට පසු සිය පළමු පකිස්ථාන සංචාරය සඳහා ඕස්ට්‍රේලියාව පූර්ණ ප්‍රබල සංචිතයක් අද (8 වැනිදා) නම් කරන ලද අතර, පාකිස්තානු වේගපන්දු යවන්නන්ට එරෙහිව දඟ පන්දු යවන්නන් වන මිචෙල් ස්වෙප්සන් සහ ඇෂ්ටන් ආගර් නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

එංගලන්තයට එරෙහිව අළු බඳුන තරගාවලිය 4-0 ක් ලෙස ජයගැනීමට දායකත්වය දැක්වූ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර්ගේ ඉවත්වීමෙන් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම සංචාරයක නිරත වන පළමු අවස්ථාව වන්නේය.

මාර්තු 4 වැනිදා සිට රාවල්පින්ඩි, කරච්චි සහ ලාහෝර්හිදී තරග 3 කින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් පැවැත්වේ.

ආබාධයක් හේතුවෙන් අළු බඳුන තරගාවලියට එක් නොවූ වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් නැවතත් කණ්ඩායම සමගින් එක්වනු ඇත.

අළු බඳුන තරගාවලියේදී ටෙස්ට් වරම් හිමිකරගනිමින් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැති මංගල තරගයේදී ප්‍රේක්ෂකයින් කුල්මත් කරමින් ලකුණු 7කට කඩුලු 6ක් දවාගත් ස්කොට් බෝලන්ඩ්ද සංචිතයේ රඳවා ගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

නමුත් පා දඟ පන්දු යවන ක්‍රීඩක ස්වෙප්සන් සහ වමතින් පිත්ත හසුරුවන ආගර් සමඟ එක්ව සිටින ප්‍රබල නේතන් ලයන්ට දඟ පන්දු අංශයෙන් වැඩි කාර්යභාරයක් මෙම තරගාවලියේදී කිරීමට සිදුවනු ඇත.

පිතිකරුවන් වන මානස් ලැබුෂේන් සහ ස්ටීවන් ස්මිත් ද දඟ පන්දු යැවීමට සමත් වන අතර, උපමහාද්වීපයේ ක්‍රීඩා කිරීමේදී එය ඔවුන්ට අමතර වාසියක් වනු ඇත.

2009 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් පිලට එල්ල වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දේශීය ජාත්‍යන්තර තරඟ අත්හිටුවීම නිසා විදේශ කණ්ඩායම් නැවත සිය රට වෙත ගෙන්නා ගැනීමට පාකිස්තානය බොහෝ උත්සහයන් ගත්තේය.

සාමාන්‍ය පරිදි තාවකාලිකව නැවත ආරම්භ වන තෙක් 2015 දක්වා කාලයක් වැඩි වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කිරීමට පකිස්ථානයට සිදුවිය.

ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගාවලිය මෙය වන බැවින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට ඔවුන් ගත් තීරණය පිළිබඳ ප්‍රධාන පරීක්ෂණයක් වනු ඇත.

ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් තාවකාලික පුහුණුකරු ලෙස පත් කර ඇත.

ඕස්ට්‍රේලියා සංචිතය

පැට් කමින්ස් (නායක), ඇෂ්ටන් ආගර්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරී, කැමරන් ග්‍රීන්, මාකස් හැරිස්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, උස්මාන් කවාජා, මානස් ලැබුෂේන්, නේතන් ලයන්, මිචෙල් මාෂ්, මයිකල් නේසර්, ස්ටීව් ස්මිත්, මැචෙල් ස්ටාර්ක්, මිචෙල් ස්විප්සන්, ඩේවිඩ් වෝනර්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7