Cricket GossipCricket NewsEXCLUSIVE

නින්දිත ලෙස ක්‍රීඩකයින් විවේචනය කරන්න එපා ! තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහක් තැබූ දුනිත් වෙල්ලාලගේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලයි

Guess who?' ft. Dunith Wellalage | ICC U19 Men's CWC 2022

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මීට දින කිහිපයකට පෙර තම ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණි.ක්‍රිකට් ආයතනය මෙන්ම කලමණාකරුවන්ද නිසිපරිදි ක්‍රීඩකයින් කලමණාකරණය නොකිරීමේ වරද නිසා ප්‍රේක්ෂකයින් ක්‍රීඩයන් විවේචනය කරන බව කියා සිටියේය.

තව දුනිත් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සංවේදී වෙමින් ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ ක්‍රීඩකයින් අපහසු කාල පසු කරන බවත් එම කාලය තුලදී ඔවුන්ගේ මානසික මට්ටම බිඳ දමන්නට කටයුතු නොකල යුතු බවත් ය.

දුනිත් තැබූ එම සටහන පහතින්

“ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන මා 13 පහල ක්‍රීඩා කරන කාලේ දිගින් දිගටම තරග පහක් පමණ අසාර්ථක විය. එහිදි මා පුහුණුකරු මිතුරන් සහ දෙමව්පියන් මා හට පැවසුවේ “උබට පුලුවන්… උබ ගහන්න ඕන… උබට බැරි නැ… උබ කරල පෙන්නපන්… මම උබව විශ්වාස කරනවා..” වැනි වදන්ය. ඔවුන් මා කෙරේ තැබු විශ්වාසය සහ එමගින් මාහට ඇති වූ ආත්ම විශ්වාසය හේතු කොටගෙන මම පසුව ක්‍රීඩා කරන තරග සියල්ලෙහි හොදින් පන්දු යැවිමෙන් මෙන්ම පිතිකරණය අතින්ද අති සාර්ථක විය. වැටීම් ඇති තැන දණ නමා එහිම නොඉද නැගිටීමට හැකි ලෙස මා හට විරිය දුන්, අත දුන් මා වටා සිටි සියලු දෙනා හට මම ස්තූති වෙමි.

නමුත් ටිකින් ටික කාලය ගතවත්ම එම තත්ත්වය වෙනස් වන බව පැහැදිලි සත්‍යකි. 13න් පහල මෙන් නොව 19 පහල ජාතික කණ්ඩායම නියෝජනය කරන විට මා දුගින් දිගටම අසාර්ථක වේ නම් මගේ අවස්ථාව වෙනකෙකු හට දිමට මම පසුබට නොවෙමි. නමුත් මා වටා සිටින සියල්ලන් මා ගැන තබා ඇති විශ්වාසය සහ මෙතරම් දුර ඒමට මා කල කැපවීම මම දනිමි. එ හේතුවෙන් ඔවුනට මෙන්ම මා විසින් මා හට කල යුතු වගකීමක් සහ යුතුකම් රැසක් ඇත. එනම් අවස්ථාවක් දෙකක් අසාර්ථක උවද ඊලග අවස්ථාවෙ මාගෙ උපරිමය රට වෙනුවෙන් ලබා දීමයි. විටෙක එහිදීද අසාර්ථකවිය හැක.නමුත් මා ලබන ඊලග අවස්තාවෙ හෝ මාගෙ උපරිනය රට වෙනුවෙන් ලබා දීමට සූදානම් වෙමි. ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි.

2015 න් පසු මෙ දක්වා කාලය තුල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙ යම් පසුබැමක් දක්නට ලැබීම අප කවුරුත් දන්නා රහසකි. එසේ වීමට හේතු හෝ එහි පසුගාමීත්වය ඇති වුයෙ කෙසෙද යන්න මම නොදනිමි. නමුත් විටින් විට නැගිටිමින් වැටෙමින් ඔවුන් ඔවුනගෙ උපරිමය රට වෙනුවෙන් ක්‍රීඩා කරමින් ලබා දිමට කටයුතු කිරිම අගය කල යුතු ය.

බුද්දිමත් සහ ආදරණීය වූ ක්‍රිකට් ප්‍රේක්ශක සහෘදයනි,

ක්‍රිඩකයන්ට යම් අපහසු කාල ගත කිරිමට සිදුවිම අතිශය සාමාන්‍ය කරුණකි. ගසක ඵලදාව වසරක් පුරා එක ලෙස නොලැබෙන අතර සමහර සෘතුන්හි ඵල හට නොගනියි. ඔවුනගෙ අසාර්ථකත්වය ලබන අවස්තා වල ඔබ කල යුතුවන්නෙ ඔවුනගෙ මානසික ශක්තියද බිඳ දැමීම නම් නොවේ. එය අවම මානව සදාචාරයවත් නොදන්නා ගුණමකුවන්ගේ පහත් වැඩකි.

දිගින් දිගටම අසාර්ථක වන ක්‍රිඩකයන් කළමනාකරණය කිරිම ක්‍රිකට් බලධාරින් මෙන්ම ආයතනය සතු වගකීමකි. එය මට ද උරුමය.

සමාජ මාධ්‍ය ඔස්සෙ නින්දිත ලෙස ක්‍රිඩක අපහාස කිරිම් සහ බුලි කිරිම් දක්නට ලැබීම කණගාටුවට කරුණකි. ක්‍රිඩකයන් විවේචනයට ඔබට ඇති අයිතිය මා පිලිගනිමි. හුදෙක් විවේචනය යනු අපහාස කිරිම නොවේ. වර්තමානයේ එම බිල්ලට හසුවන ක්‍රිඩකයන් හට මෙන්ම අනාගතයේ විටෙක මා හටද එම තත්ත්වය උදා වීම උරුම බව මම දනිමි. එයට මම සූදානම් ය.!

නමුත් ක්‍රීඩාවට පණ මෙන් ආදරය කරන මිනිසුන් හට ක්‍රිඩක අපහාස කිරිම්, සමාජ මාධ්‍ය ඔස්සෙ බුලි කිරිම් ආදිය දැකිම කම්පනයකි. දුකකි.

ප්‍රේක්ශක සහෘදයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි,

ක්‍රිඩකයන් විවේචනය කරන්න.
වැරදි තැන්වල අත දිගු කොට එය පෙන්වන්න.
නමුත් අසාධාරණ සහ පහත් ලෙස ක්‍රිඩකයන් පාගා දැමිමට කටයුතු නොකරන්න. අඩුතරමේ අවම මානව සදාචාරයවත් රකින්න.

ක්‍රිකට් යනු මේ රටේ මිනිසුන්ගෙ ලේ වල කිඳා බැස ඇති ආගමක් මෙනි. එ නිසා එහි ගෞරවය රකින්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7