Cricket NewsEXCLUSIVE

IPL සුපිරි තරු රැසක් සමග ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව සිය ප්‍රභල සංචිතය නම් කරයි.!

ශ්‍රී ලංකාව සමඟ මාර්තු මසදී පැවැත්වෙන ටෙස්ට් තරග 2 සඳහා නම් කරන ලද ඉන්දීය කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපළක් වන චෙටේෂ්වර් පුජාරා සහ අජින්ක්‍යා රහනේව ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

අවසන් ටෙස්ට් තරග වලදී ලකුණු අතර නොසිටීම ඔවුන් දෙපළට කණ්ඩායමේ ස්ථාන අහිමිවීමට හේතුවී තිබේ.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ඉන්දීය කණ්ඩායමේ උප නායකයා ලෙස ජස්ප්‍රිට් බුම්රා පත් කර තිබේ. කණ්ඩායමට නැවත පැමිණීමට නම් යළිත් රංජි කුසලාන තරගාවලියේදී ලකුණු අතරට පැමිණෙන ලෙස චේතන් ශර්මාගේ සභාපතිත්වයෙන් යුත් ඉන්දීය තේරීම් කමිටුව විසින් පුජාරා සහ රහනේට දැනුම් දී තිබේ.

ටෙස්ට් සංචිතය සඳහා හිටපු නායක විරාත් කෝලි සහ රිෂාබ් පාන්ට් නම් කර තිබුණත් මේ මස 24 වැනිදා ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී ඔවුන් දෙදෙනාව විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහි සංචාරයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණු රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් සහ විස්සයි-20 කණ්ඩායම් දෙකටම කැඳවා තිබීම කැපී පෙනෙයි.

ඉන්දීය විස්සයි-20 කණ්ඩායම – රෝහිත් ෂර්මා (නායක), ජස්ප්‍රිට් බුම්රා (උප නායක), ඉෂාන් කිශාන්, රුටුරාජ් ගයික්වාඩ්, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, දීපාක් හූඩා, වෙන්කටේෂ් අයියර්, බුවනේෂ්වර් කුමාර්, දීපාක් චහාර්, හර්ෂාල් පතෙල්, මොහොමඩ් සිරාජ්, සංජු සැම්සන්, රවීන්ද්‍ර ජඩේජා, යුෂ්වේන්ද්‍ර චෙහල්, රවී බිෂ්නෝයි, කුල්දිප් යාදව්, අවේෂ් ඛාන්.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම – රෝහිත් ෂර්මා (නායක), පහානක් අග්‍රවාල්, ප්‍රියන්ක් පංචල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, හනුමා විහාරි, ශුබමන් ගිල්, රිෂාබ් පාන්ට්, කේ.එස්.භරත්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, ජයන්ට් යාදව්, කුල්දීප් යාදව්, ජස්ප්‍රිට් බුම්රා, මොහොමඩ් ශාමි, හොහොමඩ් ශිරාජ්, උමේෂ් යාදව්, සෞරබ් කුමාර්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7