Cricket NewsEXCLUSIVEInternationalUnder-19

ශ්‍රි ලංකා 19න් පහල නායක දුනිත් වෙල්ලාගෙ 19 න් පහල ලෝක කුසලාන ඉතිහාසයේ ලෝක වාර්තාවක් තැබීමට සමත් වේ – මෙතනින් කියවන්න

ශ්‍රි ලංකා 19 න් පහල නායක මෙවර 19න් පහල ලෝක කුසලාන තරගාවලිය තුල ඉතා කැපී පෙනන දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට සමත් උනා. අවාසනාවන්ත අයුරින් තරගාවලියෙන් ඉවත් වූවත් ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය තුල පෙරලියක් කිරීමට සමත් උනේ දුනිත් වෙල්ලාලගේ සුපිරි නායකත්වයත් සමගින්.

මේ අතර ඊයෙ පැවති දකුණු අප්‍රිකාව සමග තරගයේදි පිට පිට කඩුලු බිද වැටුන අවස්ථාවක ඔහු දියත් කල නායකත්වයේ ඉනිම හා ශතකය හේතුවෙන් ඔහු නවතව 19 න් පහල ලෝක කුසලාන ලෝක වාර්තාවකට හිමිකම් කීමට සමත් උනා.

19 න් පහල ලෝක කුසලානය තුල ක්‍රීඩකයෙක් පිත්තෙන් ලකුණු 200කට වැඩි සංඛ්‍යාවක් හා පන්දුවෙන් කඩුලු 16 ක් බිද හෙලු ලොව පලමු ක්‍රීඩකයා වීමට දුනිත් වෙල්ලාලගේ ඊයෙ සමත් උනා. 19 න් පහල ලෝක කුසලාන ඉතිහාසයේ හොදම තුන් ඉරියව් ක්‍රිඩකයා වන්නේද දුනිත් වෙල්ලාලගේ වීමද විශේෂත්වයක්.

දුනිත් වෙල්ලාගෙ මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර 5 වන ස්ථානය හා කඩුලු ලාභීන් අතර 1 ස්ථානයත් ලාබාගෙන සිටිනව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button