Cricket NewsEXCLUSIVE

නම්දැරූ පන්දුයවන්නන්ට පන්න පන්නා පහර දුන් දුනිත් වෙල්ලාලගේගේ සුපිරි පිතිකරණය නැශනල් සුපර් ලීග් අවසන් මහා තරඟයේ යාපනයට ජීවය ගෙනෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැශනල් සුපර් ලීග් අවසන් මහා තරඟය සඳහා යාපනය හා නුවර කණ්ඩායම් සුදුසුකම් ලබාගෙන තිබුණි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා දෙපිලම පැමිණියේ නුවර කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල හා යාපනය කණ්ඩායමේ නායකයා වූ ධනංජය ද සිල්වා ද රහිතවය.

ඒ හේතුවෙන් අද තරඟයේදී යාපනය කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම හට පැවරී තිබුණි.

තරඟයේ කාසිය වාසිය දිනාගත් නුවර නායක කමිඳු මෙන්ඩිස් යාපනය කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කලේය.

පන්දුවාර 49 ට සීමා වුණු තරඟයේ මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය කණ්ඩායමේ මුල්පෙල පිතිකරුවන් අසාර්ථක වෙද්දී නොම්මර හතර පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි යොවුන් පිතිකරු දුනිත් වෙල්ලාලගේ විශිෂ්ඨ ඉනිමක් දියත් කරමින් පන්දු 87 කදී ලකුණු 74 ක් රැස් කලේය.

සෙසු පිතිකරුවන්ද දුනිත්ගේ මෙම ඉනිම වටා එක්වෙමින් ලකුණු රැස් කල අතර යාපනය ඉනිම සියලු දෙනා දැවී ලකූණු 258 ක් ලෙස සටහන් විය.රවිඳු ප්‍රනාන්දු ලකුණු 41 ක් රැස් කලේය.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු මෙවර තරඟාවලියේ තම පළමු කඩලු 5 අවස්ථාව ලබා ගන්නට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර ඔහු ලකුණු 44 කට කඩුලු 5 ක් බිඳ දැමීය.

තරඟයේ සජීවී ලකුණු සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button