Cricket NewsEXCLUSIVE

ඇෆ්ගනිස්තානය හමුවේ ලද දැවැන්ත තරඟාවලි ජයග්‍රහණයත් සමඟින් එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන දක්වා පකිස්ථානය ඉදිරියට ! ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ !

ඊයේ ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාවේදී ලද පූර්ණ තරඟාවලි ජයත් සමඟින් ජගත් ක්‍රිකට් කවුන්සිල එක්දින ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට යලිත් පැමිනෙන්නට පකිස්ථානු ක්‍රීඩකයින් සමත් වූහ.

ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි හා අවසන් එක්දින තරඟය ලකුණු 59 කින් ජයගගන්නට පකිස්තානු කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනාගමින් මුලින්ම පන්දුවර පහර දුන් පකිස්තානය නියමිත පන්දුවාර 50 තුල කඩුලු 8 ක් දැවී ලකුණු 268 ක් රැස් කිරීමට සමත් වූ අතර මොහොමඩ් රිස්වාන් ලකුණු 67 ක් හා බාබර් අසාම් ලකුණු 60 ක් රැස් කලේය.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 269 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානයට සියළු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 209 ක් පමණයි.හුදෙකලා සටනක නියැලුණු මුජීබ් උර් රෙහ්මාන් ලකුණු 64 ක් රැස් කරද්දී ශඩාබ් කාන් කඩුලු 3 ක් හා ශහීන් අෆ්‍රීඩි කඩුලු දෙකක් බිඳ හෙලීය.

තරඟයේ වීරයා ලෙසින් මොහොමඩ් රිස්වාන් සම්මාන දිනාගත් අතර තරඟාවලියේ වීරයා ලෙසින් ඉමාම් උල් හක් සම්මාන දිනාගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button