Cricket NewsEXCLUSIVE

භානුක, ඇන්ජි, දිමුත් ඇතුළු ක්‍රීඩකයන් 7ක් ඉන්දීය තරඟාවලියට සහබාගි වීම සඳහා ජෛව බුබුලට ඇතුළු වෙයි.!

එලැබෙන ඉන්දියානු ටෙස්ට් සහ විස්සයි විස්ස සංචාරය අරමුණු කරගෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙකු ජෛව ආරක්ෂ්ත බුබුල වෙත ඇතුලත් කර ඇත.

එම ජෛව බුබුලට ඇතුලත් කර ක්‍රීඩකයින් 7 දෙනා වනුයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න , ඇන්ජලො මැතිව්ස් , ලහිරු තිරිමාන්න සහ ධනංජයද සිල්වා , සුරංග ලක්මාල් සහ පසු කාලයේ දැඩි කතාබහට ලක් වූ භානුක රාජපක්ෂයි.

මිට අමතරව එම සංචිතය සඳහා නිරෝශන් දික්වැල්ලත් සිටින බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

පසුගිය වසරේ ජූලි මාසයේදී එංගලන්ත සංචාරය අතර තුරදී ජෛව බුබුල කඩ කිරීම හේතුවෙන් වසරක තරඟ තහනමකට ලක්ව සිටින කඩුලු රකින ක්‍රීඩක නිරෝශන් දික්වැල්ල හට යලිත් ජාතික සංචිතය වෙත කැඳවීම් ලැබී ඇති බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වූ දික්වැල්ල මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග සහභාගීවී ඇති අතර එහිදී ලකුණු 2443 ක් රැස් කර ඇත.

එකදු ශතකයක් හෝ නැතත් ඔහු විසින් අර්ධ ශතක 18 ක් ද රැස් කර ඇති අතර උඩ පන්දු 112 හ් හා ස්ටම් කිරීම් 23 ක් ද ඔහු විසින් සිදු කර ඇත.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7