BPLCricket NewsEXCLUSIVE

BPL තරඟයක් පැවැත්වෙන අතරතුර බංගලාදේශයේ Mirpur ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හදිසි විදුලිය ඇණහිටිමකින් කළුවර වෙයි.!

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය හෙවත් BPL 2023 තරඟාවලිය මේ වන විට බංගලදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. කෙසේ නමුත් බංගලාදේශයද දකුණු ආසියාවේ බොහෝ රටවල් මෙන්ම මේ වන විට කිසියම් ආර්තික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව රහසක් නොවේ.

එය මනාව ලෝකයටම ප්‍රදර්ශනය වූ සිදුවීමක් අද සිදු වුනා. ඒ BPL තරඟාවලියේ 42වන තරඟය ලෙස අද පැවති Fortune Barishal කණ්ඩායම සහ Khulana Tigers කණ්ඩායම අතර පැවති තරඟය අතරතුර හිටි හැටියේ විදුලිය විසන්දි වීමයි.

මේ දිනවල බංගලදේශයේද දෛනික විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව ක්‍රිඩාංගනයේ විදුලියද ඇණහිටියා. කෙසේ නමුත් මිනිත්තු කිහිපයක් තුල නැවතත් තත්වය සාමාන්‍ය ආකාරයට පත් කිරීමට බලදාරින්ට හැකියාව ලැබුනා.

ක්‍රිඩාංගනයේ විදුලි බිඳ වැටීමේ වීඩියො දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7