Cricket NewsEXCLUSIVEIPL

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ විශිෂ්ට දස්කම් දක්වමින් “නැගී එන තරුණ ක්‍රිඩකයන් 5” අතරට මහීෂ් තීක්ශනත් නම් වෙයි.!

මේ වන විටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය ආධිපත්‍යය පතුරා අවසන්.

ඒ අතරින් Chennai Super Kings කණ්ඩායම විශේෂ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිඩකයන් දෙදෙනෙක්ම එම කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙනි.

ඒ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ තවමත් 19 හැවිරිදි වියේ පසුවන යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණයි.

මේ වන විට Chennai super kings කණ්ඩායමේ ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනා අතරින් නිත්‍ය ස්ථානයක් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ශන වෙනුවෙන් වෙන්වී තිබෙනවා.

මහීෂ් තීක්ෂණ ලැබුන අවස්තාවෙන් උපරිම දස්කම් දැක්වීමට සමත් ව සිටින අතර ඔහු Chennai super kings කණ්ඩායමේ තරඟ ජයග්‍රහණයේ ප්‍රධාන තුරුම්පුවක් බවට පත්ව සිටින්නේ ඔහුගේ පන්දු ඉදිරියේ පිතිකරුවන් ලකුණු ලබා ගැනීමට මැලි කමක් දැක්වීම හේතුවෙනි.

CSK සහ SRH අතර තරඟයේදී විශිෂ්ට දස්කම් දැක් වූ “නැගී එන තරුණ ක්රිඩකයන් 5” අතරට මහීෂ් තීක්ශනත් නම් වී සිටිනවා

ඔහුට අමතරව Umran, Janesh, Abhishek, Choudhary එම ලැයිස්තුවේ සිටින අතර එහි එකම විදෙස් ක්‍රිඩකයා වන්නේ මහීෂ් තීක්ශනයි.

මහීෂ් තීක්ෂණ මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කඩුලු 8ක් බිඳ හෙළීමට සමත් ව සිටින අතර පන්දු වාරයකදී ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු ලබාදීම සඳහන් වන්නේ පන්දුවාරයකට ලකුණු 7.75ක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7