Cricket NewsEXCLUSIVEIPL

RCB පන්දු යවන්නන් හමුවේ ප්‍රභල රාජස්ථානය පසුබසියි ! – වනිඳුගේ ආදේශනය වූ මයිකල් බ්‍රේස්වෙල් ගෙන් අගනා දස්කම් !

Play off වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තීරණාත්මක ප්‍රසාද ලකුණු දෙකක් වෙන්වූ තරඟයක් අද ජායිපූර් හිදී නිමාව දුටුවේ ප්‍රභල රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩායින්ට ලකුණු 112 ක දැවැන්ත පරාජය උරුම කරදෙමින්.බැංගලෝරයට සිය Play off වටයේ බලාපොරොත්තු තවදුරටත් තබා ගැනීමට හැකිවූ අතර අවසන් තරඟ 8 තුල සිය සයවැනි පරාජයද උරුම වූ රාජස්ථාන් කණ්ඩායම පසුවන්නේ තීරණාත්මක අඩියකයි.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බැංග්ලෝර් නායක ෆැෆ් ඩු ප්ලෙසිස් මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කල අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 171 ක්.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් නායක ඩු ප්ලෙසිස් ලකුණු 55 ක් රැස් කලේ හයේ පහර දෙකක් හා හතරේ පහර තුනක්ද සමඟින්.ග්ලේන් මැක්ස්වෙල්ද වේගවත් ලකුණු 54 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම තුල හතරේ පහර පහක් හා හයේ පහර තුනක් අන්තර්ගත විය.යලිත් මැදපෙල පිතිකරුවන් අසාර්ථක වද්දී යොවුන් ක්‍රීඩක අනුජ් රාවට් පන්දු 11 කදී වේගවත් ලකුණු 29 ක් රැස් කරමින් බැංගලෝර් ඉනිම ගෞරවාන්විත අවසානයක් කරා රැගෙන ආවේය.

රාජස්ථාන් පිල වෙනුවෙන් KM අසීෆ් හා ඇඩම් සැම්පා අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

ලකුණු 172 ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 59 ක් පමණයි.අයිපීඑල් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කල තෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව බවටත් මෙය වාර්ථා අතරට එක්වූ අතර ඉනිමේ ලකුණු 10 සීමාව එකම පසු කල පිතිකරුවා වූයේ ශිම්‍රන් හෙට්මයර් පමණයි. ලකුණු 35 කට සීමා වූ ඔහුගේ ඉනිම තුල හයේ පහර හතරක් හා එක් හතරේ පහරක් අන්තර්ගත විය.

වේන් පානෙල් ලකුණු 10 ට කඩුලු තුනක් බිඳ හෙලද්දී මයිකල් බ්‍රේස්වෙල් හා කාන් ශර්මා අතර කඩුලු දෙකබැගින් බෙදී ගියේය.

තරඟයේ වීරයා ලෙසින් වේන් පානෙල් සම්මාන දිනාගත් අතර බැංගලෝර් කණ්ඩායම මේවන විට ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
2
+1
4
+1
2
+1
2
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7