Cricket NewsEXCLUSIVEIPL

දුෂ්මන්ත චමීරව IPL වෙන්දේසියේ කෝටි ගණනක දැවැන්ත මිලකට ලක්නව් සුපර් ජයන්ට්ස් විසින් මිලට ගනී.!

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා පවත්වනු ලබන ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය වූයේ ඊයේ දිනයයි.මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී කැපී පෙනෙන ලංසු තැබීම් කිහිපයක්ම ඊයේ දිනය පුරාවට දක්නට ලැබුණා.

මූල්‍යමය අගය වැඩිම ලංසු තැබීම් කිහිපයක කණ්ඩායම් කිහිපයක්ම තරඟකාරී වන පසුබිමක්ද නිර්මාණය වූ ඊයේ දිනයේ වැඩිම මුදලකට වෙන්දේසි වූ තුන්ඉරියව් ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග පත් විය.

ඔහු ශ්‍රී ලංකා මුදලින් ඊයේ කෝටි 29කට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මිලදී ගත්තා

අද ක්‍රීඩක වෙන්දේසියේ දෙවැනි දිනය වන අතර වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 600ක් වන අතර, ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 23 දෙනෙකු ද ඇතුළත් වනවා.

මේ අතර අද දිනයේ දී ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කෙරුණු පළමු ක්‍රීඩකයා වූයේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ය.

ඔහුව මිලදී ගැනීමට සමත් වුණේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වන අතර ශ්‍රී ලංකා මුදලින් කෝටි 5කට අධික මුදලකට ඔහු අලෙවි වුනා.(ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලක්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7