Cricket NewsEXCLUSIVEIPL

පසුගිය වසරේ ශුරයන් වන “චෙන්නායි සුපර් කිංග්ස්” විසින් IPL ක්‍රිඩක වෙන්දේසියේදි මහීෂ් තීක්ෂණව මිලදී ගනී.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය නව මුහුණුවරක් ගෙන තිබෙනවා.

ඒ මින් පෙර කණ්ඩායම් 8ක් පමණක් ක්‍රිඩා කරන ලද IPL තරඟාවලියට මෙවර නව කණ්ඩායම් 2ක් ද එක් වී මුළු කණ්ඩායමේ සංඛ්‍යාව 10ක් වීම හේතුවෙනි.

මෙවර IPL 2022 ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම සඳහා ක්‍රීඩකයින් 1,214 දෙනෙකු ලියාපදිංචි වී තිබු අතර ඉන් තෝරාගත් ක්‍රීඩකයන් 590 දෙනෙකු IPL මෙගා ඔක්ෂන් හෙවත් ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය ඊයෙ අවසන් වුනා.

එහිදී ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග RCB වෙත අලෙවි වුවා.

ක්‍රිඩක වෙන්දේසියේ දෙවනි දිනය අරඹමින් වෙන්දේසියට ඉදිරිපත් වූ පලමු ශ්‍රී ලංකා ක්‍රිඩකයා වූ දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් වෙත අලෙවි වූ අතර මීට සුලු මොහොතකට පෙර ශ්‍රී ලංකා දඟ පන්දු යවන යොවුන් ක්‍රිඩක මහීෂ් තීක්ශනව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.

ඒ ඉන්දියන් රුපියල් ලක්ශ 70කට වන අතර ශ්‍රී ලංකා මුදලින් කෝටි දෙකකට ආසන්නය.

ඒඅනුව මේ වන විට IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනාම අලෙවි වී තිබෙනවා.

CSK මහීෂ් වෙනුවෙන් තැබු සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button