Cricket NewsEXCLUSIVEIPL

“නව කණ්ඩායමක් විසින් මිලදී ගත් වටිනාම පන්දුයවන්නන්ගෙන් ඉදිරියෙන්ම සිටින්නේ දුෂ්මන්ත චමීර” – ප්‍රවීණ විචාරක සුනිල් ගවස්කාර්

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ සිව්වන තරගය ලෙස IPL තරඟාවලියට අලුතින්ම එක් වූ කණ්ඩායම් දෙක වන Lucknow Super Giants කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර තරගය පැවැත්වෙනවා

මෙම තරඟයේදී Lucknow Super Giants වෙනුවෙන් ශ්‍රී ලංකා සුපිරි වේග පන්දුයවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර අද දිනයේ දී IPL වරම් හිමිකර ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Gujarat Titans කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 158ක් ආරක්ෂා කර ගැනීම සඳහා පිටියට පිවිසි Lucknow කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු තුරුම්පුව බවට පත්වූයේ අද සිය ප්‍රථම IPL තරගය ක්‍රීඩා කරන දුෂ්මන්ත චමීරයි.

එයට මනා සාධාරණයක් ඉටුකළ දුෂ්මන්ත චමීර සිය ප්‍රථම පන්දුවාරයේදීම Titans පිතිකරු Shubman Gil ව දවා ගැනීමට සමත් වුයේ ප්‍රතිවාදී පිතිකරුවෝ අඩපණ කරමිනි.

ඉන් නොනැවතුණු දුෂ්මන්ත චමීර තමාගේ දෙවන පන්දු වාරයේ දී Vijey Shankarලේ කඩුල්ලක් දවා ගැනීමට සමත් වූයේ ලකුණු 25ක් වන විට Titans කණ්ඩායමේ ප්‍රධාන කඩුලු දෙකක් බිඳහෙළමිනි.

පසුගිය වසරේදී RCB විසින් චමීර ව කණ්ඩායමට එක්කර ගනු ලැබුවත් ඔහුට එක් තරඟයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ.

කෙසේ නමුත් මෙවර තරගාවලියේ සිය මංගල තරඟයේදීම දැක්වූ මෙම සුවිශේෂී දක්ෂතාවය අගය කිරීමට එම අවස්ථාවේ විස්තර විචාරයේ යෙදී සිටි සුනිල් ගවස්කාර් කටයුතු කළා.

ඔහු සඳහන් කර සිටියේ නව කණ්ඩායම් විසින් ක්‍රිඩක වෙන්දේසි දීමේදී ගත් වටිනාම පන්දුයවන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නේ දුෂ්මන්ත චමීර බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7