Cricket NewsEXCLUSIVEIPLMatch Review

KL රාහුල්ගේ දුර්වල නායකත්වය ⁣හේතුවෙන් චමීරගේ විශිෂ්ට පන්දු යැවීම අපතේ යවමින් Gujarat Titansට කඩුලු 5ක ජයක්.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ සිව්වන තරගය ලෙස IPL තරඟාවලියට අලුතින්ම එක් වූ කණ්ඩායම් දෙක වන Lucknow Super Giants කණ්ඩායම සහ Gujarat Titans කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Gujarat Titans කණ්ඩායම සමත් වුනා.

මෙම තරඟයේදී Lucknow Super Giants වෙනුවෙන් ශ්‍රී ලංකා සුපිරි වේග පන්දුයවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර අද දිනයේ දී IPL වරම් හිමිකර ගත්තා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Titans ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Lucknow කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknowකණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කිරීමට සමත් වුණා.
Lucknow හි වැඩිම ලකුණුලාභියා වූ Deepak Hooda පන්දු 41ක් තුළ ලකුණු 55ක් රැස් කිරීමට සමත් වුනා.

Ayush Badoni ලකුණු 54ක් රැස් කළ අතර Krunal Pandya ලකුණු 21ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Mohammed Shami කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වූ අතර Varun Aaron කඩුලු දෙකක් බිඳ හෙලීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 159ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Titans පිතිකරුවන් පන්දුවාර 19කුත් පන්දු 4ක් අවසානයේ ජයග්‍රාහි ලකුණු සීමාව පසුකර යෑමට සමත් වුණා.

මෙම තරඟයේදී Lucknow නායක KL රාහුල්ගේ දුර්වල නායකත්වය කැපී පෙනුණු අතර සිය කණ්ඩායමේ සාර්ථකම වේග පන්දු යවන්නා වූ දුෂ්මන්ත චමිරගේ පන්දුවාර 4න් 3ක් පමණක් යැවීමට තීරණය කිරීම තරඟයේ හැරවුම් ලක්ෂ්‍ය බව විචාරකයන් පෙන්වා දුන්නා.

දුෂ්මන්ත චමීර සිය ප්‍රථම පන්දුවාරයේදීම Titans පිතිකරු Shubman Gil ව දවා ගැනීමට සමත් වුයේ ප්‍රතිවාදී පිතිකරුවෝ අඩපණ කරමිනි.

ඉන් නොනැවතුණු දුෂ්මන්ත චමීර තමාගේ දෙවන පන්දු වාරයේ දී Vijey Shankarලේ කඩුල්ලක් දවා ගැනීමට සමත් වූයේ ලකුණු 25ක් වන විට Titans කණ්ඩායමේ ප්‍රධාන කඩුලු දෙකක් බිඳහෙළමිනි.

එමෙන්ම 16 වන පන්දු වාරයේ සිට Lucknow කණ්ඩායමෙන් ගිලිහුණු තරඟය 19 වන පන්දුවාරයේදී ලකුණු 9ක් පමණක් ප්‍රතිවදිනට ලබා දෙමින් නැවත Lucknow වෙත ගෙන ඒමට චමිරට හැකිවුවත් අවසන් පන්දුවාරයේදී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට Titans සමත් වුනා.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගත් අතර Krunal Pandya, Deepak Hooda, සහ Avesh Khan එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

ප්‍රසාද ලකුණු සටහන පහතින්

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button