Cricket NewsEXCLUSIVEIPL

Punjab Kings සමග තරඟයේ දී Lucknow කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ තරඟයේ නිළ නොලත් වීරයා “දුෂ්මන්ත චමීර”

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

මේ අතර තරගාවලියේ 42වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සහ දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන Lucknow Super Giants කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් ලකුණු 20ක ජයක් හිමි කර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල Punjab Kings නායක Mayank Agarwal ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පිටියට පිවිසි Lucknow Super Giants කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 153ක් පමණයි.

ඒ අනුව ලකුණු 154ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Punjab Kings පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 133ක් පමණයි

Lucknow Super Giants කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඊයේ තරඟයේදී දැක්වූ විශිෂ්ට තුන් ඉරියව් දස්කම් හේතුවෙන් Lucknow Super Giants කද්නයමට ජයග්‍රහණය පහසු වූ අතර ඇතැම් ඉන්දීය ක්‍රීඩා විචාරකයන් ඔහුව හඳුන්වා තිබුනේ නිල නොලත් තරඟයේ වීරයා ලෙසටයි.

පිතිකරණයේදී Lucknow Super Giants කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමේ අවධාමකට මුහුණ දිසිටියදී පිටියට පැමිණි දුෂම්න්ත චමීර දවන්ත් හයේ පහර දෙකක් සමග ලකුණු 17ක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස් කරමින් ගෞරවාන්විත
ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

පන්දු යැවීමේදී Punjab Kings කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙසම නායක Mayank Agarwalගේ කඩුල්ල ලබා ගැනීමට සමත් වූ අතර කෙමෙන් කෙමෙන් තරඟයේ තීරණයට අභියෝග කල Jonny Bairstowගේ කඩුල්ල ද ලබා ගනිමින් Lucknow Super Giants කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රහණයේ නියමුවා බවට චමීර පත් වුනා.

දුෂ්මන්ත චමීර විසින් ලබා ගත් Mayank Agarwalගේ සහ Jonny Bairstowගේ කඩුලු පහතින් නරඹන්න

Mayank Agarwal දැවී ගිය ආකාරය

Jonny Bairstow දැවී ගිය ආකාරය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7