Cricket NewsEXCLUSIVEIPL

Shivam Mavi යැවූ 18වන පන්දුවාරයට දැවැන්ත හයේ පහර 5ක් එල්ල කරමින්, එතෙක් KKR සතුව තිබු තරඟයේ පාලනය උදුරාගත් Stoinisගේ සහ Holderගේ ගිණිකෙලි සැණකෙළිය.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 53වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 75ක ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

ඒ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 177ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන්ට පන්දුවාර 14.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 101ක් පමණයි.

මේ අතර තරඟයේ තීරණාත්මක වූ Lucknow Super Giants ඉනිමේ 18 වන පන්දුවාරය පිළිබඳව ඔබට තොරතුරැ රැගෙන ඒමට අප තීරණය කළා.

Shivam Mavi විසින් යොමු කල එම පන්දුවාරයේදී පමණක් ලකුණු 30ක් රැස් කර ගැනීමට එම අවස්ථාවේ පිටියේ සිටි Lucknow Super Giants පිතිකරුවන් දේපල වූ Jason Holder සහ Marcus Stoinis සමත් වුයේ දැවැන්ත හයේ පහර 5ක් එම පන්දුවාරයට පමණක් එල්ල කරමිනි.

එතෙක් තරඟයේ පාලනය පැවති Kolkata Knight Riders කණ්ඩායමෙන් එය උදුරා ගත් Marcus Stoinis දැවැන්ත හයේ පහර 3ක් එල්ල කල අතර Jason Holder දැවැන්ත හයේ පහර 2ක් එල්ල කර සිටියා.

එම ප්‍රහාරය සමගින් ගෞරවනීය ලකුණු පුවරුවක් කරා සිය ලකුණු පුවරුව රැගෙන යාමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

එම පන්දුවාරය පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button