Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය හෙට

ආසියානු ක්‍රිකට් සංගමය සංවිධානය කරන නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග ඕමාන්හි අල් ඇමරත් ක්‍රීඩාංගණයේදී හෙට (25 වැනිදා) පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමද, පස්වරු 7.00 ට ආරම්භ වන දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායමද තරග බිමට පිවිසෙනු ඇත.

මූලික වටය අවසානයේ ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ඇෆ්ඝනිස්ථාන ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් වෙමිනි. එහිදී කණ්ඩායම් දෙකම තරග 2 බැගින් ජය ගනිමින් එක් තරගය බැගින් පරාජයට පත් විය.

මුලික වටයේදී සහභාගි වූ තරග 3 ම ජයගත් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අපරාජිත බව රැකගනිමින් ‘බී’ කණ්ඩායේ පළමු වැනියා ලෙස අවසන් පූර්ව වටයට සුදුකම් ලැබීය. පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම එම කාණ්ඩයේ දෙවැනියා ලෙසින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවේ මූලික වටයේදී ඉන්දීය ‘ඒ’ කණ්ඩායම හමුවේ පමණක් පරාජයට පත් වෙමිනි.

අවසන් පූර්ව තරගවලින් ජය ගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් 27 වැනිදා පස්වරු 7.00 ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button