ආසියානු කාන්තා ප්රිමියර් කුසලානය එමිරේට්ස් පිලට – අවසන් තරගයේ තීරක හා විනිසුරු ශ්රී ලංකාවෙන්
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/02/emirates.jpg?fit=1200%2C675&ssl=1)
රටවල් 16ක සහභාගිත්වයෙන් මැලේසියාවේ පැවති ආසියානු ක්රිකට් කවුන්සිල විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගයෙන් සත්කාරක මැලේසියාව ලකුණු 37කින් පරාජය කළ එක්සත් අරාබි එමීර් රාජ්ය ක්රීඩිකාවෝ කුසලානය දිනා ගැනීමට සමත් වූහ. ඒ සමඟම මේ වසරේ සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත විස්සයි20 ආසියානු කාන්තා කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට ද එමිරේට්ස් පිල සමත් විය. අවසන් මහා තරගයට එක් වූ මැලේසියාව ද එම තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.ශ්රී ලාංකික යොවුන් ක්රීඩිකා කවීෂා එගොඩගේ සහ නායිකා ඊෂා ඔසා එමිරේට්ස් පිල වෙනුවෙන් තරගාවලිය පුරා කැපී පෙනෙන දස්කම් පෑමට සමත් වූ අතර, දෙදෙනාම පන්දු යැවීමෙන් ද සිය දස්කම් විදහා දැක්වූහ.
ශ්රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්රීඩිකාවක හා නායිකාවක වන වැනේසා ද සිල්වා ආසියානු කාන්තා ප්රිමියර් කුසලාන තරගාවලියේ අවසන් තරගයේ තීරකවරිය ලෙස කටයුතු කළ අතර, ශ්රී ලංකා කාන්තා පිලේ හිටපු ක්රිඩිකාවක වන නිමාලි පෙරේරා එහි විනිසුරුවරියක ලෙස කටයුතු කළාය.