Cricket NewsEXCLUSIVE

එංගලන්තය, පකිස්ථානය සමග අවසන් 20 විස්ස තරගය ලකුණු 67කින් පරදවා තරඟාවලිය 4-3ක් ලෙස ජය ගනී.

පාකිස්තානය හා එංගලන්තය අතර හත්වන හා අවසන් විස්සයි විස්ස තරගය ඊයෙ ලාහොර් හී ගඩාෆි ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

කාසියෙ වාසිය ජයග්‍රහණය කල පාකිස්තානු නායක බාබර් අසාම් ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගත්තා.

එංගලන්ත ඉනිම වෙනුවෙන් ඩේවිඩ් මලාන් ලකුණු 78ක නොදැවුන ඉනිමක් ක්‍රීඩා කලෙ පන්දු 47කිනි. බෙන් ඩක්ට් පන්දු 19කින් වේගවත් ලකුණු 30ක් රැස්කර ගත් අතර හැරී බෲක් නොදැවි පන්දු 29කින් ලකුණු 46ක් රැස්කර ගන්නා ලදී.

පන්දු යැවීමේදි ඉෆ්තිකාර් අහමඩ් හා මොහොමඩ් හස්නයින් හැරෙන්නට අනෙක් සියලු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල පාකිස්තානයේ මුල් කඩුලු ලෙස නායක බාබර් හා රිස්වාන් නැවත ක්‍රීඩාගාරයට යැවීමට Topley හා Woakes සමත් විය.

ශාන් මශූඩ් පන්දු 43කින් ලකුණු 56ක් ලබා ගත්තද අන් කිසිදු පිතිකරුවෙක් සාර්ථක නොවීම නිසා පාකිස්තානය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවි ලබා ගත්තෙ ලකුණු 142 ක් පමණි.

මේ නිසා තරගාවලිය 4-3ක් ලෙස එංගලන්තය ජයග්‍රහණය කල අතර පාකිස්තානය තුලදි විස්සයි විස්ස තරගාවලියක් ජයග්‍රහණය කල දෙවෙනි කණ්ඩායම ලෙස එංගලන්තය සදහන් උනා. පලමු කණ්ඩායම වන්නෙ ශ්‍රි ලංකාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button