Cricket KnowledgeCricket NewsEXCLUSIVE

අවාසනාව කරපින්නාගෙන ආ දක්ෂයා – විකුම් සංජය ගැන ක්‍රිකට් රසිකයකු තැබු සටහන

මේ දවස්වල UAE වල පැවැත්වෙන Bukhatir League එක්දින තරගාවලියේ මෙයා තමයි වැඩිම කඩුලුලාභියා.
මෙයා කඩුලු 10ක් අරන් තියෙනවා.

ඒ විතරක් නෙමෙයි පහුගිය දවසක තරගයකදී මෙයා ලකුණු 31කට කඩුලු 7ක් දවා ගන්නවා. ඒ තමයි මේ තරගාවලියේ පන්දු යවන්නෙක් වාර්තා කල හොදම පන්දු යැවීම.

වැඩිම නිලකුණු පන්දුවාර සංඛ්‍යාවක් ‍යවලා තියෙන්නෙත් මේ හාදයා,

ඕක විතරක් නෙමෙයි.තවත් තරගාවලියක් තියෙනවා. ඒ තමයි Zalmi T20 ලීග් තරගාවලිය,

මේ තරගාවලියේ තරගයකදි මෙයා ලකුණු 29කට කඩුලු 5ක් දවා ගන්නවා.මෙයා ක්‍රීඩා කරේ Sri Lions කන්ඩායමට,

ඔය කන්ඩායමේ මලින්ද පුෂ්පකුමාර වගේ අයත් ක්‍රීඩා කරා.මේ කවුද කියලා ඔබ දන්නවා. ඔව්… මේ විකුම් සංජය,
එදා 2017 ඔක්තෝබර් 29 වෙනිදා ගඩාෆි ක්‍රීඩාංගණයේ ශ්‍රි ලංකාව සහ පකිස්තානය අතර විස්සයි විස්ස තරගයක් තිබුනා. එදා මේ හාදයාගෙන් පකිස්තාන පිතිකරුවන් ලකුණු 41ක් උදුරා ගන්නවා. හැබැයි මෙයා ශොයිබ් මලික්ගේ වටිනා කඩුල්ලත් එදා ගන්නවා.
එදා මෙයා නිකමටවත් හිතන්නේ නැතුව ඇති මේ තමයි මගේ අවසාන ජාත්‍යන්තර තරගය කියලා.

මෙයා විස්සයි විස්ස තරග 8කට ක්‍රීඩා කරලා කඩුලු 9ක් දවා ගන්නවා. හැබැයි අර පන්දුවාර හතරෙන් පස්සේ මේ හාදයා ආගිය අතක් නැති වෙනවා.ඒ වෙනකොට මෙයාගේ වයස අවුරුදු 25යි.

එක තරගයකින් මේ දක්ෂයාගේ හැකියාව මොට කරන්නේ නැතුව තව අවස්ථා දෙන්න තිබුනා.මොකද අපි කාටත් මතකයි 2017දී අපේ ටීම් එක හෙන පට්ට ටීම් එකක් නම් නෙමෙයි. ඒ කාලේ ඇති තරම් පුරප්පාඩු තිබුනා. ක්‍රීඩකයින් හදන්න අවශ්‍ය වෙලා තිබුනා. හැබැයි ඒ කාලේ අපේ ක්‍රිකට් හැදුවට වඩා මේ වගේ ක්‍රීඩකයින් නිරපරාදේ විනාශ වුනා.

දැන් වයස අවුරුදු 30යි. වර්තමානයේ කඩුලු දඩයමේ යනවා. හොදට පන්දුව Swing කරන්න පුළුවන් හාදයෙක් මේ,කුලසේකරගෙන් පස්සේ ඒ අඩුව පුරවයි කියලා හිතපු එකෙක්,

විකුම් සංජය !!!!
අවාසනාව කරපින්නාගෙන ආ දක්ෂයෙක් 🖤🇱🇰
✍️ | Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button