Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන ශ්‍රී ලංකා ක්‍රිකට් හි අලුත්ම පියවර National Super League තරඟාවලියට සියල්ල සුදානම්.!

තරුණ ක්‍රීඩකයන් සොයා යන ගමනක තවත් පියවරක් ලෙස පළමු වරට සංවිධානය කරන ලද National Super League එක්දින තරගාවලිය එළඹෙන ජනවාරි 20 වැනිද ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර තිබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පළාත් තරඟාවලිය වෙනුවට මේ වසරේ සිට National Super League එක්දින, සිව්දින හා විස්සයිව්-20 තරඟාවලි පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සැළසුම් කර තිබෙනවා.

බස්නාහිර, මධ්‍යම, දකුණ, උතුරුමැද හා උතුර යන පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 5 ක් මෙම එක්දින තරගාවලිය ක්‍රීඩා කිරීමට නියමිත අතර එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 බැගින් ක්‍රීඩකයින් 100 දෙනෙකු මෙම තරගාවලියට සහභාගි වනවා.

මේ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග දැනටමත් ගිවිසුම් ගතවු ක්‍රීඩකයින් 80 කට ආසන්න ක්‍රීඩකයින් සංඛ්‍යාවක් තෝරා ගෙන තිබෙනවා.

මීට අමතරව පළමු පෙළ තරඟ වලදී සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතුරින් සෙසු ක්‍රීඩකයින් 20 දෙනා තෝරාගැනීමට නියමිතයි.

මාසයක් ඇතුළත මෙම National Super League එක්දින තරඟාවලිය අවසන් කිරීමට නියමිතව තිබෙන අතර මෙම තරගාවලියෙන් අනතුරුව පෙබරවාරි 20 වැනිදා National Super League සිව්දින තරඟාවලිය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

SSC, NCC, CCC, Tamil Union හා Colombo Colts ‍යන ක්‍රීඩා සමාජ කේන්ද්‍රකරගනිමින් මෙම බස්නාහිර, මධ්‍යම, දකුණ , උතුරුමැද හා උතුර යන පළාත් කණ්ඩායම් පවත්වා ගෙන යෑමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබෙන බව එම වාර්තාවන් හි වැඩි දුරටත් සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7